IMG-LOGO

සංචාරක ක්ෂේත්‍රයේ කොටස්වලට වෙළඳපොළ අවධානයක්

කොටස් වෙළෙදපොළ ඊයේ (ජුලි 17) ගනුදෙනුවල දී නැවත වටයකින් පිරිහීමක් වාර්තා කළේය. කෙසේ වෙතත් පෙරවරුවේ තිබුණ කඩාවැටීම පාලනය කරගන්නට සමත් වූ අතර වෙළෙඳපොළ නතර කරන විට සුළු පසුබැසීමක් වශයෙන් සටහන්ව තිබුණි. අද දිනයේ ද ගනුදෙනු සඳහා ප්‍රමාණාත්මක ඉල්ලුමක් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. සැලකිය යුතු ප්‍රමාණයකින් දර්ශක ඉහළ යා හැකිය. 
අද දිනයේ ද මූල්‍ය සහ බැංකු, අංශවලට අමතරව සංචාරක හා විනෝදාත්මක අංශයේ සමාගම්වලට වැඩි ඉල්ලුමක් පවතිනු දැකිය හැකිවිය. එම සමාගම්වල කොටස් මිල පහත අගයක තිබුණ අතර හුවමාරුවට අවස්ථාවක් වී තිබුණි. 
සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,876.11 ක් දක්වා සුළු පහත වැටීමක් පෙන්නුම් කළේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 8.11  ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,628.93 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 39.19 ක අඩුවීමක් සේ  වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 6.20 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 41,431 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 358.0 ක් විය. සමාගම් 122 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 122 කි.  විදේශ මිල දී ගැනීම් රු. මිලියන 170.6 ක් වන අතර විකිණීම් රු. මිලියන 285.7 කි. විදේශ වෙළෙඳාමෙන් රටට ශුද්ධ අවාසියක් ලැබී තිබේ.
ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 545 ක්,  ජෝන් කීල්ස් රු. මිලියන 304 ක්, කිංග්ස්බරි  රු. මිලියන 265 ක්,   ජෙට්වින් සිම්පොනි රු. මිලියන 257 ක්,  කීල්ස් හොටෙල් රු. මිලියන 187 ක්, වී ඔන් රු. මිලියන 155 ක්,  බේරුවල රිසෝට් රු. මිලියන 124 ක්, හැටන් නැෂනල් නිෂ්ඡන්ද රු. මිලියන 120 ක්,  පෑන් ඒෂියා රු. මිලියන 110 ක්,  හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 100 ක්,  ඊස් ට්වෙස්ට් රු. මිලියන 95 ක්,  ඩිප් ප්‍රඩක්ට්  රු. මිලියන 94 ක්,  මාරවිල රිසෝට් රු. මිලියන 79 ක්, ඇල්ෆා රු. මිලියන 78 ක්,  අහුන්ගල්ල රු. මිලියන 71 ක්, ට්‍රාන්ස් රු. මිලියන 70 ක්, සහ  සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 67 ක්,  වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක



අදහස් (0)

සංචාරක ක්ෂේත්‍රයේ කොටස්වලට වෙළඳපොළ අවධානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site