නිමල කොඩිතුවක්කු
සංචාරක ආකර්ෂණය දිනා ඇති දිවයින පුරා නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එම ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක පහසුකම් පද්ධති 20ක් ඉදිකිරීමට යෝජිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 525.29 ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත.
එදිනෙදා නාගරික ප්‍රදේශ කරා එන ජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ප්‍රමිතියෙන් යුත් වැසිකිළි පද්ධතිවලින් සමන්විත සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත පහසුකම් ස්ථාපනය කළ යුතු උචිතස්ථාන නාගරික සංවර්ධන සැලසුම්වලට අනුව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, පහත සඳහන් ස්ථානවල යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සංචාරක ආකර්ෂණය දිනූ නාගරික ප්‍රදේශවල පහසුකම් නැංවේ