තාවකාලික රියැදුරැ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව හරහා මේ දක්වා යතුරැ පැදි සහ සැහැල්ලු වාහන සඳහා බලපත්‍ර 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරලා
අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව වසා දමා එය තොරතුරැ කවුළුවක් බවට පත්කරන්න යෝජනා
භානුක අමරසිංහ
මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළේදී තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගැනීමෙන් සංචාරක රැකියා රැසක් අවදානමට ලක්ව තිබෙන බවත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියකු පියවර ගෙන නොමැති බවත් සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය චෝදනා කරයි.
මෙම කරුණ සම්බන්ධයෙන් ඔවුන් මේ දක්වා ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කර ඇති අතර, පසුගියදා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගොස් සිය ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
“අපි පසුගිය සති අන්තයේදී සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළා. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හමුවෙලා කරුණු කිව්වා. ඒත් ඔහු නිහඬයි. අන්තිමේදී අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් මේ ගැන කිව්වා. එතැනදී හොඳ ප්‍රතිචාර ලැබුණත්, තවමත් අපට ප්‍රමාණවත් පිළිතුරක් ලැබිලා නෑ.” යනුවෙන් එම සංගමයේ කැඳවුම්කරු ලාල් ජයවික්‍රම මහතා ‘ලංකාදීප FT’ වෙත පවසා සිටියේය.
මෙම ගැටලුවට පිළියම් ලෙස ගුවන් තොටුපොළේ පිහිටුවා ඇති අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව වසා දමා එය තොරතුරු කවුළුවක් බවට පත් කළ යුතු බවත්, පෙර පරිදි සංචාරකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම වේරහැරදී සිදුකළ යුතු බවත් ඔවුන් පවසයි. මෙම කවුළුව හරහා උපරිම මාස පහක කාලයක් සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කරයි. එහිදී එක් තාවකාලික රියැදුරු බලපත්‍රයක් සඳහා මාසයකට අයකරන ගාස්තුව රුපියල් 2,000කි. මාස දෙකකට එය රුපියල් 4,000ක් වන අතර, මාස තුනකට එය රුපියල් 6,000 කි. මාස හතරකට 8,000ක් ලෙසත් මාස පහකට 10,000ක් ලෙසත් එය මිල කර තිබේ.
මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය දක්වන ප්‍රතිචාරය පිළිබඳව අප සංචාරක අමාත්‍යාංශයේ උපදේශකවරයකුගෙන් කළ විමසීමකට පිළිතුරු දුන් එම පුද්ගලයා, ප්‍රවාහන අමාත්‍යාංශය අදාළ කවුළුව විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ කිසිදු පාර්ශ්වයක් දැනුවත්ව නොසිටි බව ප්‍රකාශ කළේය.
“මේ කවුළුව විවෘත කරලා තිබුණේ අමාත්‍යවරුන්, අමාත්‍යවරුන් අතර සිදු කළ අදහස් හුවමාරුවකින් කියන දේ තමයි අපිත් දන්නේ. ඊට පහළ සිටින කිසිදු අයකුගෙන් මේ ගැන විමසලා තිබුණේ නෑ. අපි කියන්නේ රියැදුරු බලපත්‍ර සඳහා මාසයකට අය කරන රුපියල් 2000 ගාස්තුව ඉතාමත් අඩුයි. එය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. එහෙම නොවුණොත් සිද්ධ වෙන්නේ අසාධාරණයක්.” යනුවෙන් එම උපදේශකවරයා සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගිය අගෝස්තු 03 වැනිදා ආරම්භ වූ මෙම තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුලුව හරහා යතුරු පැදි සහ සැහැල්ලු වාහන සඳහා තාවකාලික රියැදුරු බලපත්‍ර 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර ඇතැයිද වාර්තා පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංචාරකයන්ට රියැදුරැ බලපත්‍ර ලබාදීමෙන් සංචාරක රුකියා රුසක් අවදානමේ