IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිංගර් අලෙවි කළ ශීතකරණ රෙදි සෝදන යන්ත්‍ර වැඩි ප්‍රමාණය දේශීය නිෂ්පාදන

භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම ගෘහ විදුලි උපකරණ අලෙවි සමාගමක් වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී අලෙවි කළ ශීතකරණ අතරින් සියයට 83ක් සහ රෙදි සෝදන යන්ත්‍ර අතරින් සියයට 88ක්ම දේශීයව නිෂ්පාදනීය කළ ඒවා බව එම සමාගම පවසයි. 
එම මූල්‍ය වර්ෂය සඳහා පසුගියදා නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ අදහස් දැක්වීමක් සිදු කරමින් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියි. 
“රෙදි සෝදන යන්ත්‍ර සහ ශීතකරණ අලෙවිය මෙම මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එහිදී ආනයනය කළ නිෂ්පාදනවලට වඩා රෙදි සෝදන අලෙවියෙන් සියයට 83ක් වගේම ශීතකරණ අලෙවියෙන් සියයට 88ක් සඳහා දේශීය නිෂ්පාදන දායකත්වය ලබාදුන්නා.” 
මෙහිදී සිය නිෂ්පාදන හැකියාව තවදුරටත් දියුණු කරමින් ජාත්‍යන්තර ප්‍රමිති අනුව නවීන තාක්ෂණය යොදා ගනිමින්, පාරිභෝගික ඉල්ලු‍මට අනුව එම නිෂ්පාදන ඉදිරිපත් කිරිමට හැකිවීම මෙම සාර්ථකත්වය හේතුව බවත් ඒ මහතා පවසයි. 
මෙම වාර්ෂික වාර්තාවට අනුව සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම එම මූල්‍ය වර්ෂයේදී ශීතකරණ 89,957ක් සහ රෙදි සෝදන යන්ත්‍ර 47,241ක් නිපදවා තිබේ. 
අද වනවිට සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම යටතේ රත්මලානේ පිහිටි ඍැටබසි ඛ්බන් කර්මාන්තශාලාව තුළ සිංගර් සහ සිසිල් සන්නාම යටතේ ශීතකරණ මෙන්ම රෙදි සෝදන යන්ත්‍ර නිපදවීම සිදු කරයි. එසේම පානදුරේ පිහිටි Regnis Appliances සමාගම තුළ රෙදි සෝදන යන්ත්‍ර සහ ශීතකරණ සඳහා අවශ්‍ය උපාංග නිපදවයි. 
“මෙම කර්මාන්තශාලා දෙක තුළම පර්‌යේෂණ සහ සංවර්ධන හැකියාව තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. ඒ වගේම කර්මාන්තයේ විශේෂඥයන් මේ සඳහා බඳවා ගනිමින් වඩාත් කාර්යක්ෂමව කටයුතු පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙනවා.” යනුවෙන්ද විජේවර්ධන මහතා සඳහන් කරයි.



අදහස් (0)

සිංගර් අලෙවි කළ ශීතකරණ රෙදි සෝදන යන්ත්‍ර වැඩි ප්‍රමාණය දේශීය නිෂ්පාදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 689 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17830 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site