IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සිංගප්පූරුවේ තවත් රැකියා දොරක් ඇරේ

සිංගප්පූරුවේ ඉදිකිරීම් කෂේත්‍රයේ රැකියා සදහා  ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන් පුහුණු කිරීමේ පළමු සිංගප්පූරු ආයතනය වන ‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා‘ ආයතනය    කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්ථාපනය කරනු ලැබීය.

විදේශ  රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයන් යොමු  කිරීම මෙහි අරමුණ වෙයි.   ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන් ස‍දහා සිංගප්පූරුවේ රැකියා ලබාගැනීමට පහසු පාඨමාලා රැසක් මෙහි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඔවුන් පුහුණු කිරීමද මෙම ආයතනය මගින් සිදුවේ.    මෙය සිංගප්පූරු ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ අනුමැතිය සහිතව මෙරට ආරම්භ කළ එකම  ආයතනය වෙයි. 

‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම‘ විවෘත කිරීම    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක  අමාත්‍ය ඩිලාක් පෙරේරා යන  මහත්වරුන් අතින් සිදුවිය.

 ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂන ක‍්‍රමවේදයන් මෙහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබා ගත හැකි වන අතර මෙහි පාඨමාලා සාර්ථකව නිමාකරන අයට සිංගප්පූරු ගොඩනැගිලි අධිකාරියේ වරලත් නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ ප‍්‍රායෝගික හා ලිඛිත පරික්ෂනයකට මුහුණ දීමට සිදුවන අතර එහි ප‍්‍රථිඵල අනුව සිංගප්පූරුවේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන් හිමි වේ.

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ රැකියා  ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරා,  සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා  පුද්ගලික සමාගමේ තළමනාකාර අධ්‍යක්ෂක ජේම්ස්  සියචු, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍යංශයේ ලේකම් නිස්සංක එන්  විජේරත්න, සභාපති  අමල් සේනාලංකාධීර යන මහත්වරුන්  සහභාගී වූහ.



අදහස් (0)

සිංගප්පූරුවේ තවත් රැකියා දොරක් ඇරේ

රාණි Monday, 08 April 2013 02:06 AM

සාදාරන විදියට මේ රස්සා බෙදල දෙන්න. අර කොරියන් යන කොල්ලෝ ලවා ව චන්ද වැඩ ඔක්කොම කරවාගන්න.(නදී)

:       0       0

ජනක Monday, 08 April 2013 08:32 PM

මම විදුලි කාර්මික සහ ඉලෙක්ට්‍රොනික පරිඝනක අලුත්වැඩියා පාඨමාලාව හදාරා සහතික පත්‍ර ඇත. පළපුරුද්ද වසර 5 කි. සෞදි අරාබි වල වසර 3 ක් සේවය කර ඇත. කරුණාකර මට රැකියා අවස්ථාවක් ලබදෙන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

සරත් Tuesday, 09 April 2013 11:07 AM

පුහුණු ශ්‍රමිකයන්ටත් අවස්ථාවක් දෙන්නකෝ. (නදී)

:       0       0

ශාන්ති Monday, 08 April 2013 02:15 PM

ලංකාවේ තියෙන රැකියා ප්‍රශ්නයට විසදුමක් (දී)

:       0       0

ජෝයි Wednesday, 10 April 2013 12:54 PM

මෙන්න ඉල්ලමක් පෑදිලා.... (නි)

:       0       0

සුභසිංහ Wednesday, 10 April 2013 12:56 PM

මට යාලුවෙක් කිව ඕස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් අය කතා කරන්නේ කැවෙයි,බිවෙයි කියලලු. හේතුව කලින් හිටපු ඇමති ඒ දකුණේ කෙනෙක්. හැබයි හවසට රුපවාහිනියේ කෑ ගහන්නේ අපි මුළු රටටම සේවය කරනවා කියලා.(නදී)

:       0       0

ගයාන් සු‍රේෂ්-මොනරාගල Tuesday, 16 April 2013 06:58 PM

ලාංකික තරුණ තරුණියනගේ රැකියා ප්‍රශ්නය විසදීමට ගත් මේ වැඩසටහන අවංකවම මම අගය කරමි (නි)

:       0       0

වසන්ත Tuesday, 09 April 2013 12:19 PM

රානි, ඔයත් උත්සාහ කරන්න, වෛර කර කර ඉන්නේ නැතුව. වෙලාව හොද වුණත් කට හොද නැත්නම් මොනවවත් ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 09 April 2013 07:07 PM

පුහුණු ශ්‍රමිකයින්ට ලෝකයේ කොහේ ගියත් රැකියා අවස්ථා තිබෙනවා. හරිනම් මෙම පාඨමාලා රජය මගින් රැකියා නොමැති පුගලයන් පුහුණුකළ යුතුයි.(නදී)

:       0       0

රාණි Wednesday, 10 April 2013 01:31 PM

වසන්ත මහත්තයෝ, වෙලාව හොද වෙන්න ඕනෑ නැහැ. හැමෝටම එක සමාන අයිතියක් තියෙන්න ඕනෑ. ඒක අහිමි කරලා චන්ද ගුණ්ඩු දෙන්නේ ඔහේලා වගේ ඡන්ද දායකයෝ නිසයි. අපි උතුම් කියලා පුරාජේරු ගැහුවට වැඩක් නැහැ, කරලා පෙන්වන්න. (නි)

:       0       0

අමීන් Monday, 08 April 2013 04:04 PM

සිවිල් ඉංඡිනේරු හදාරපු අපටත් අවස්ථාවක් දෙන්න.(නදී)

:       0       0

සුජිත් - ජපානය Monday, 08 April 2013 04:56 PM

සින්ගප්පූරු සරත් කෝ?(නදී)

:       0       0

ගාමිණී Sunday, 07 April 2013 10:14 PM

ශ්‍රී ලංකා ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණු අයට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නම් ඉතාමත් කාලෝචිතයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site