IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සෞඛ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස බිංගිරිය ආයෝජන කලාපයේ නිරීක්ෂණයක

බිංගිරිය - නන්ද එස්. ඒකනායක


මේ රටේ යම් ඖෂධවල හිඟයක් ඇතිවුවත්, මේවා අද ඊයේ ඇතිවූ ප්‍රශ්න නොවන අතර, අපේ රටේ අවශ්‍ය ඖෂධවලින් තවමත් දේශීය වශයෙන් නිපදවා ගැනීමට හැකිවී ඇත්තේ අවශ්‍යතාවෙන් සියයට 30ක් 35 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.
 මේ ගැටලු‍වට හොඳම විසදුම රටට අවශ්‍ය ඖෂධ මේ රට තුළම නිපදවීම බවත්, දැනට බිංගිරිය ආයෝජන කලාපයේ ඉදිවෙමින් පවතින විශාලතම ඖෂධ නිෂ්පානගාරයෙන් ලබන වසර මැදභාගය වනවිට බොහෝ දුරට මෙම ගැටලු‍වට විසඳුම් ලබාගත හැකි යැයි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ ඉදිකරමින් පවතින ආසියාකරයේ විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරයක් වන  “Synergy  pharmaceuelicals (Pvt) Ltd “ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය. දැනට රෝහල්වල ඖෂධ සඳහා වාර්ෂිකව ට්‍රිලියන 200 කට අධික මුදලක් රජය විසින් වැය කළද, සැපයුම්කරුවන්ගේ දුර්වලතා නිසා රජයට බැනුම් ඇසීමට සිදුව තිබෙනවා. දැනට බොහෝ දුරට සියයට 85 කට අධික ඖෂධ ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන්. මෙය බිලියන 350ක පමණ විශාල ගනුදෙනුවක්. එනිසා මේ මුදල් රට තුළම රඳවාගෙන නිසි ප්‍රමිතියෙන් යුතුව රටට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය මෙහිම නිපදවීම ඉහත කී ඖෂධ හිඟයට නිසි පිළිතුරයි.
ඩොලර් මිලියන 150 කට අධික වැය බරක් දරමින් ප්‍රමිතිගතව ආරම්භකර ඇති මෙම කර්මාන්ත ශාලාව ආයෝජන මණ්ඩලයේ ද සුවිශේෂී ආයෝජනයක්. මෙහි ප්‍රමිතිගත ආරම්භයට අනුව තවත් මෙවැනි කර්මාන්ත ශාලාවක් ඉදිකෙරෙන්නේ නම් එය මෙයට වඩා ඉහළින් ආරම්භ වියයුතුයි. 
කෙසේ වුවද මෙමගින් බෙහෙත් පෙති වර්ග, කරල්, එන්නත් ඇතුළු සියලු‍ ඖෂධ වර්ග නිපදවන අතර, මෙහි ඉලක්කය ලංකාවේ කුඩා වෙළෙදපොළ පමණක් නොවේ. එනිසා අපේ රටේ අවශ්‍යතාවද සපුරාලමින් විදේශ විනිමය තොගයක් ද මෙරටට ගෙනෙන සාර්ථක ආයෝජනයක් ලෙසින් මෙම කර්මාන්ත ශාලාව අගය කළ යුතුයි. 
මෙම නව ඖෂධ නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු 2020 වසරේදී ආරම්භ කළේය. මෙහි සභාපතිවරයා වන ශ්‍රී ලාංකික ආයෝජකයකු වන රවීන්ද්‍රනාත් විජේරත්න, ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් යන මහත්වරුද අවස්ථාවට එක්ව සිටියහ.
කළමනාකරණ අධ්‍යක්ෂ රොහාන් විජේසූරිය, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඉන්දියානු ජාතික ආර්. කබඩාජි යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වුහ.



අදහස් (0)

සෞඛ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස බිංගිරිය ආයෝජන කලාපයේ නිරීක්ෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site