රට තුළ ක්‍රියාත්මක වන අනවසර මූල්‍ය ආයතන පිළිබඳව විමර්ශනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් ඇති කිරීම, බැංකු නොවන මූල්‍ය පද්ධතිය සඳහා විධිමත් මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිතකර ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රමිතීන් හඳුන්වා දීම, ආර්ථිකයට සහ ප්‍රජා සවිබල ගැන්වෙන නීතිමය රාමු ඇති කිරීම යන ක්‍රියාමාර්ගවලට සහාය දීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය සඳහන් කරයි.
බලපත්‍රලාභී නොවන, කිසිඳු නියාමනයක් නොමැති බැංකු නො වන මූල්‍ය ආයතන මගින් රටේ මූල්‍ය පද්ධතියට වන දැඩි හානිය වළක්වා ගැනීම සහ මහජනතාවට බියෙන් සැකෙන් තොර සිය ආයෝජන හා වෙනත් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම තම සංගමයේ අරමුණ යැයි ද එම සංගමය සඳහන් කරයි.
බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයකු ලෙස ක්‍රියාකරමින් විධිමත් මූල්‍ය පද්ධතියක් තුළින් මහජනතාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරන බව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ නිලධාරීහු කීහ.
මෙහිදී ආචාර ධර්මානුකූල, විධිමත් හා කාලෝචිත මූල්‍ය ප්‍රතිපත්ති වල වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ වත්මන් සභාපති ආර්.එච්. අබේගුණවර්ධන මහතා මෙසේ කීවේය.
‘‘බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය නිරතුරුවම උත්සහ කරන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඉතා පහසුවෙන් සහ විශ්වාසදායී ලෙස සිය ගනුදෙනු කළ හැකි විධිමත් මූල්‍ය පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි. රටේ ආර්ථිකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් සපයමින්, ඒක පුද්ගල අදායම වර්ධනය කිරීම උදෙසා ව්‍යවසායකයන්, කුඩා ව්‍යාපාරිකයන් ඇතුළු දහස් ගණනක් ජනතාව වෙත විධිමත් ලෙස සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විශාල අවකාශයක් බලපත්‍රලාභී මුල්‍ය ආයතන අද වන විට සපයනවා.
විධිමත් බැංකු පද්ධතිය තුළින් විවිධ හේතු මත බැහැර කරන පාරිභෝගිකයා උදෙසා වඩාත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් සිදු කරනු ලබන අතර,
රටේ සියලු දෙනාටම ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයක් සඳහා ප්‍රවේශ විය පරිසරයක් බලපත්‍රලාභී මුල්‍ය ආයතන විසින් නිර්මාණය කර අවසන්. වර්තමානය වන විට අපේ ප්‍රධාන ගනුදෙනුකරුවන් වන්නේද රටේ දිළිඳු ජන කොට්ඨාසයයි. බලපත්‍රලාභී මූල්‍ය ආයතන විසින් සියලුම ජන කොට්ඨාසවලට ගැළපෙන පරිදි ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුකූලව පෞද්ගලික ණය, ත්‍රී රෝද රථ ණය, ට්‍රක් සඳහා වූ ණය, ගොවිතැන සඳහා වූ ණය, වාණිජ වාහන මිලදී ගැනීම සඳහා වූ ණය, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වූ ණය ඇතුළු වර්ග රැසක ණය සේවා සපයයි. නවීන මූල්‍ය සේවා මහජනතාව වෙත හඳුන්වා දීමේ ප්‍රමුඛයන් ලෙසද බලපත්‍රලාභී මුල්‍ය ආයතන අද වන විට ප්‍රසිද්ධ’’ යැයි ද හෙතෙම කීය.
මෑත කාලයේදී වාර්තා වූ නියාමනය නොකරන ලද මූල්‍ය සමාගම්වල සමහර අවිධිමත් සහ වංචනික ක්‍රියාවන් මගින් මහජනතාව ගැටලු රාශියකට මුහුණ පෑ බව සඳහන් කරන මෙම සංගමය මේ තුළින් නියාමනය කරන ලද මූල්‍ය සමාගම් පිළිබඳවද මහජනතාව අතර දැඩි කනස්සලක් ඇති වූ අතර ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටීමකට මෙය හේතු වූ බව ද පෙන්වාදෙයි. ඉදිරියේදී මූල්‍ය සමාගම් විධිමත් කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ද එම සංගමය තවදුරටත් පැහැදිලි කළේය.
055
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය නෛතික හා නියාමන ප්‍රතිසංස්කරණ යෝජනා