IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සුවිශේෂී ඇගයීම් 15කින් ලාංකික වෙළෙඳපොළට නව අවස්ථා රැසක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් අනුකූලතා තක්සේරු ආයතන 15ක් පිළිගැනීමට ලක් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළෙඳාම වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට එය කදිම අවස්ථාවක් විය.
2025 ලෝක ප්‍රතීතන දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ 20 වැනි සංවත්සර උත්සවයේදී මෙම ජයග්‍රහණ පිළිබඳ නිවේදනය කළේය. මෙම ජයග්‍රහණවලින් අවධාරණය කරනු ලබන්නේ ගෝලීය තත්ව ප්‍රමිතීන්ට අනුකූල වීම, අපනයන තරගකාරීත්වය වැඩි දියුණු කිරීම සහ ආර්ථික වර්ධනය පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමයි. 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ SLAB හි වැඩබලන අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිණී චන්දිතා එදිරිවීර මහත්මිය මෙසේ පැවසුවාය. “අපගේ නිෂ්පාදන හා සේවා ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීමෙන් මෙම ජාත්‍යන්තර වෙළෙඳපොළවල ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය තහවුරු කරනවා. යුරෝපා සංගමයේ BESPA-FOOD ව්‍යාපෘතියේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ ප්‍රතීතනය සඳහා සූදානම් වීමේ වැඩසටහන(ARP), ශ්‍රී ලංකාවට මෙම සාර්ථකත්වය ලබා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. 

ඒවගේම මෙරට ජාතික තත්ව යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා තාක්ෂණික හා මූල්‍යමය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන්ට ස්තුතිවන්න වනවා.” 
මෙම අනුමැතිය ලබා ගත් ආයතන අතරට Microchem Laboratories පුද්. සමාගම, ජාතික ජල සම්පත් හා ජල පවාහන මණ්ඩලය - අනුරාධපුරය, SLSI  රසායනික විද්‍යාගාරය, පළාත් ආහාර විද්‍යාගාරය, එස්. ඒ. සිල්වා ඇන්ඞ් සන්ස් පුද්. සමාගම (සිල්වර්මිල්), ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය. නාරා ක්ෂුද්‍ර ජීව විද්‍යා රසායානාගාරය, ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සහ පොල් සංවර්ධන අධිකාරිය අයත් විය. මීට අමතරව ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය සහ Dimension Laboratory, Proficiency Testing Unit Chemical Metrology Division සහ Mass Laboratory වැනි MUSSD ඒකකයේ රසායනාගාරයද මෙම ප්‍රතීතනය හිමි කරගෙන ඇත.
මෙම ප්‍රතීතන මගින් ආයතන වෙත ගෝලීය වශයෙන් පිළිගත් හා අනුගත කළ හැකි (traceable) පරීක්ෂණ, ක්‍රමාංකන සහ සහතික කිරීමේ සේවා සැපයීමේ බලය ලබා දෙන අතර අපනයන වෙළෙඳපොළ සඳහා ජාත්‍යන්තර තත්ව හා නියාමන ප්‍රමිතීන්ට අනුකූලවන බව පෙන්නුම් කිරීමටද ඒ තුළින් හැකි වේ. 
UNIDO හි ජාතික තත්ව විශේෂඥ සුමති රාජසිංහම් මහත්මිය මෙසේ පැවසුවාය. “විශ්වාසයේ හා තරගකාරීත්වයේ මූලික සාධකයක් ලෙස ප්‍රතීතනය සඳහන් කළ හැකියි. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව QI4SD දර්ශකයේ පහළ ආදායම් ලබන රටවල් අතර 7 වැනි ස්ථානයේ සිට 3 වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙන අතර, ඒ තුළින් අපගේ ජාතික තත්ව යටිතල පහසුකම්වල ප්‍රගතිය පෙන්නුම් කරනවා.” 



අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සුවිශේෂී ඇගයීම් 15කින් ලාංකික වෙළෙඳපොළට නව අවස්ථා රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site