IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් ස්මාර්ට්ෆෝන් සහකරු හුවාවි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  ස්මාර්ට්ෆෝන් සන්නාමය වන   ‘හුවාවි‘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි.  

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ලබාදීමට  ‘හුවාවි‘ එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමෙන් සිය සන්නාමය  ක්‍රිකට් තරමට ශ්‍රී ලාකේය හදවත් වෙත සමීප කරවීමට  ‘හුවාවි‘ අපේක්ෂා කරයි.


‘හුවාවි‘ ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වයට අත්සන් තැබීම සහ එම ගිවිසුම් හුවමාරු කරගැනීම පසුගියදා සිදුකෙරිණ.


මෙම අවස්ථාවට එක්වෙමින්  ‘හුවාවි‘  ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ  මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයුම්කරු මෙන්ම ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන ‘හුවාවි‘ ශ්‍රී ලංකා  ක්‍රිකට් හා අත්වැල් බැඳ ගැනීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට්  වෙත සහයෝගය දැක්වීමට අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද හෙතෙම සඳහන් කළේය.  ප්‍රජාවට සිය සිහිනයේ  බලය  අවබෝධ කර ගැනීමට  ඉඩ සැලසීම ‘හුවාවි‘ හි අරමුණ බවද හෙතෙම සඳහන් කලේය.  


සන්නාමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වර්ධනය කිරීම මෙන්ම  ලොව විවිධ සංස්කෘතින් වල විවිධ ජන කොටස් වලට අයත් පාරිභෝගිකයා  වෙත සමීප වීමට  ‘හුවාවි‘ සමත් වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.   විවිධ ජන සමාජ වල විවිධ ශක්‍යතා හඳුනා ගනිමින් ඒවාට අනුග්‍රහය ලබාදීමට ඉදිරියේදී ‘හුවාවි‘ සැලසුම් කර ඇති බවද  ‘හුවාවි‘ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


‘හුවාවි‘ ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර ‘හුවාවි‘ හි ජාත්‍යන්තර සන්නාම තානාපති වරයා වන්නේ ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී  ය. 

‘හුවාවි‘ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014 දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීමෙනි.  තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන ‘හුවාවි‘ යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ශාන්තිකර  ආදී කලාපවල රටවල්  සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය සපයයි.

‘හුවාවි‘ ලොව ප්‍රමුඛ  විවිධ ක්‍රීඩා ඉසව් සඳහා  විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසනල් පාපන්දු සමාජය, ඒ.සී.මිලාන්, සහ අයි.පී.එල්. ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන වොෂිංටන් රෙඩ් ස්කින් කණ්ඩායම සමඟ ද ‘හුවාවි‘ අත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012 සිට ඕස්ට්‍රෙිලියාවේ කැන්බරා රයිඩර්ස්  කණ්ඩායම වෙත ද ‘හුවාවි‘ සිය දායකත්වය දී තිබේ.



‘හුවාවි‘ ටෙක්නොලොජීස් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි  ෂුන්ලි වොන්ග් (වමේ සිට තුන්වැන්නා) ශ්‍රී ලංකා ක්‍රිකට්  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා  සමඟ ගිවිසුම හවුමාරු කර ගත් ආකාරය. වමේ සිට ඩයලොග් ආසිආටා පීඑල් සී හි සමූහ ප්‍රධාන වෙළඳ නිලධාරිනී අමලි නානායක්කාර, ඩයලොග් ආසිආටා පීඑල් සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ,  ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ මතිවානන් සහ ‘හුවාවි‘ ටෙක්නොලොජීස් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරි ගුන්ගුවා කෙයින් මෙම අවස්ථාවට එක්ව සිටි අයුරු.



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ස්මාර්ට්ෆෝන් සහකරු හුවාවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site