IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ සිව්වැනි විශාලතම සාමාන්‍ය රක්‍ෂණ සමාගම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස්

ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය ^IASL& විසින් නිකුත් කරන ලද නවතම දළ ලියාහරිත වාරික ^GWP& වාර්තාවට අනුව, LOLC  සාමාන්‍ය රක්ෂණ සමාගම, 2025 තුන්වැනි කාර්තුව අවසන් වනවිට ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම සාමාන්‍ය රක්‍ෂණ සපයන්නා බවට පත්විය. තිරසාර සහ උපායමාර්ගික වර්ධනයක් පෙන්නුම් කරමින්, සමාගම 2019 වසරේ 7 වැනි ස්ථානයේ සිට 2025 තුන්වැනි කාර්තුව වනවිට 4 වැනි ස්ථානය දක්වා තම ස්ථානයේ වර්ධනයක් පෙන්වා ඇත. එය සාපේක්ෂව කෙටි කාලයක් තුළ ලබාගත් කැපී පෙනෙන ජයග්‍රහණයක් වන අතර, එය සමාගමේ සාර්ථකත්වය උදෙසා සියලු‍ම පාර්ශ්වකරුවන් විසින් දක්වන විශ්වාසය, සහයෝගීතාව, අඛණ්ඩ දායකත්වය හා සාමූහික කැපවීම පිළිබඳ සාක්ෂියකි. 
තිරසාර වර්ධනය එලෙසම පවත්වා ගනිමින් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, 2025 තුන්වැනි කාර්තුව අවසන් වනවිට සියයට 15 ක රක්ෂණ කර්මාන්ත වර්ධන වේගය ද අභිබවා යමින් සියයට 17 ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කළේය. මෙම ශක්තිමත් කාර්ය සාධනය LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ වෙළෙඳපොළ කොටස සියයට 8.89 සිට සියයට 9.06 දක්වා ඉහළ නංවා ඇති අතර, එය වාර්ෂිකව සැලකිය යුතු සහ ස්ථාවර වර්ධනයකි. 
සමාගමේ සමස්ත සාමාන්‍ය දළ ලියාහරිත වාරිකය ^GWP& සඳහා සියයට 75 කට අධික දායකත්වයක් සපයන මෝටර් රථ රක්‍ෂණ අංශය, 2025 තුන්වැනි කාර්තුව අවසානය වනවිට සියයට 23 ක ආකර්ෂණීය වර්ධනයක් සහිතව ශ්‍රී ලංකාවේ 3 වැනි විශාලතම මෝටර් රථ රක්‍ෂණ සැපයුම්කරු ලෙස තම ස්ථානය අඛණ්ඩව තහවුරු කරගනිමින් සාර්ථක ගමනක නියැලෙයි. මෙය සමස්ත සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය තුළ එහි තරගකාරී සාර්ථකත්වයට මෝටර් රථ රක්ෂණ කාණ්ඩයෙන් වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කරයි.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති, කිත්සිරි ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම සාමාන්‍ය රක්‍ෂණ සපයන්නා බවට පත්වෙමින් සමාගමේ ස්ථාවර ප්‍රගතිය දැක බලාගැනීමට ලැබීම සැබවින්ම සතුටට කරුණක් බවයි. අපගේ උපාය මාර්ගික දැක්ම, ශක්තිමත් නායකත්වය මෙන්ම අපගේ වටිනා රක්ෂණ ඔප්පු හිමියන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ අප සමාගමේ කාර්ය මණ්ඩලය අප වෙත දක්වන අඛණ්ඩ විශ්වාසය පක්ෂපාතීත්වය සහ කැපවීම මෙම සාර්ථකත්වයට හා වර්ධන වේගය පවත්වා ගැනීමට උපකාරී වූ බව පවසමින් ඔහු තම කෘතඥතාව පළ කරන ලදී. 
LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදය කුමාර මහතා සිය අදහස් දක්වමින්, මෙම ජයග්‍රහණයෙන් අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම සමාගමෙහි විකුණුම්, ප්‍රතිරක්‍ෂණ සහ මෙහෙයුම් අංශවල අපගේ වෘත්තීය කණ්ඩායම්වල කැපවීම පිළිබඳ සිය සතුට පළකරන ලදී. අපගේ ඉදිරි ගමන් මගෙහිත් අපගේ සෑම වටිනා පාරිභෝගික හමුවීමකදීම නවෝත්පාදන, කරන ආයෝජනවලට සරිලන ප්‍රතිලාභ සහ සේවා විශිෂ්ටත්වය තහවුරු කරන බව තවදුරටත් පවසා සිටියේය. 
LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, තම පුළුල් ශාඛා ජාලය, විශ්වාසනීය ආයතනික හවුල්කරුවන්, රක්ෂණ තැරැව්කරුවන්, ලීසිං ජාල සහ ෂරියාඅනුකූලව පිරිනමන LOLC තකාෆුල් ජාලයද ඇතුළුව, ඩිජිටල් තාක්ෂණය හරහා සවිබල ගැන්වූ, පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සමගින් විශිෂ්ට සේවාවක් ලබාදීමට හොඳින් සූදානම් වී සිටී. විවිධාංගීකරණය වූ සහ ගෝලීය වශයෙන් කීර්තිමත් නම් දරා ඇති, LOLC සමූහයේ සාඩම්බර සාමාජිකයකු ලෙස, එහි මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව, උසස් තාක්ෂණික හැකියාව සහ සහයෝගීතා පද්ධතියෙන් ප්‍රතිලාභ ලබමින්, LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම සිය අභියෝගකාරී වෙළෙඳපොළ තුළ තම පැවැත්ම ශක්තිමත් කරගනිමින් සාර්ථක ගමනක නියැලෙමින් සිටී.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සිව්වැනි විශාලතම සාමාන්‍ය රක්‍ෂණ සමාගම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site