IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය නැංවීමට Kalbe International පුරෝගාමී මෙහෙවරක

කැල්බේ ශ්‍රී ලංකා හි දේශීය කළමනාකරු සංජීව ප්‍රනාන්දු 

 

ශ්‍රී ලංකාව තුළ වසර 30කට වැඩි කාලයක් පුරාවට උසස් තත්වයේ සෞඛ්‍ය සේවා විසඳුම් සැපයූ ඖෂධ හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන කැල්බේ සමාගම, වත්මන් වෙළෙඳපොළේ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. 
හේමාස් ෆාමසියුටිකල්ස් සමග ඇති කරගත් දිගුකාලීන හවුල්කාරිත්වයකින් 1990 වසරේදී මෙරට වෙළෙඳපොළට පිවිසි කැල්බේ සමාගම, 2006 දී සබඳතා කාර්යාලයක් පිහිටුවීම සහ 2019 දී කැල්බේ ලංකා (පුද්ගලික) සමාගම ස්ථාපිත කර ගැනීම යනාදී වශයෙන් වැදගත් පියවර රැසක් සාක්ෂාත් කරගන්නා ලදී. නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයා ගැනීමත් සමඟ මෙරට පාරිභෝගික ජනතාවට උසස් තත්වයේ ආහාර අතිරේක සකස් කරමින්, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ශක්තිමත් වර්ධනයක් ළඟා කර ගෙන තිබේ. 
සෞඛ්‍ය සහ පෝෂණය සම්බන්ධයෙන් වන ගෝලීය අත්දැකීම් මෙරට පාරිභෝගිකයන් වෙත ලබා දීම උදෙසා කැල්බේ සමාගම, ලෝක මට්ටමේ පර්යේෂණ හා නවෝත්පාදනවල සහාය ලබා ගනිමින් සිටියි. ඒ අනුව දිනෙන් දින වෙනස් වන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එදිනෙදා සෞඛ්‍ය හා යහපැවැත්ම වැඩිදියුණු කරන බෙහෙත් වට්ටෝරු සහ විද්‍යාත්මකව සකස් කරන ලද පෝෂණ නිෂ්පාදන ද හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරයි. මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලය සමඟ සිදු කරන ලද සායනික අත්හදා බැලීම් ඇතුළු අඛණ්ඩ පර්යේෂණ සහයෝගීතාවෙන් කැල්බේ ආයතනය සතු නිෂ්පාදනවල විශ්වාසනීයත්වය වැඩිදුරටත් තහවුරු වේ. 
කැල්බේ විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පුළුල් පරාසයකින් යුත් පෝෂණ නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබෙන අතර, වැඩිහිටි වියේ දී නිරෝගී සම්පන්නව සිටීමට සහ සීනි පරිභෝජනය පිළිබඳ සැලකිලිමත් වන ජීවන රටාවන්ට සහාය වන සුවිශේෂී නිෂ්පාදන ද සකස් කර තිබේ. ඒ අතරින් වැඩිහිටියන් සඳහා අංක එකේ විශ්වාසදායී තේරීමක් බවට පත්ව ඇති Diabetasol, සීනි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙමින් වැඩිහිටියන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීමට සමතුලිත දායකත්වයක් සපයනු ලබයි. මේ අතර Entrasol ලංකාවේ වැඩිහිටියන්ගේ පෝෂණය සඳහා වන ජනප්‍රියතම තෝරා ගැනීමක් ද වේ. විශේෂයෙන් ලෙඩ රෝගවලින් සුවය ලබන පුද්ගලයන්ගේ ආහාර රුචිය අඩු වීම නිසා දෛනික ආහාර වේල තුළ අඩංගු පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ආහාර අතිරේකය අමතර සහායක් ලබා දෙයි. සම්ප්‍රදායික ආහාර අතිරේක මෙන් නොව Entrasol හරහා මාංශ පේශී ශක්තිය වැඩි දියුණු කිරීම, සමස්ත ශරීර ශක්තිය වැඩි කිරීමට සහ වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි වන බව සායනිකව ඔප්පු කර තිබේ. 
2024 දී ජාත්‍යන්තරව පිළිගත් සඟරා හරහා ප්‍රකාශයට පත් කරන ලද නවතම සායනික ප්‍රතිඵල මගින් මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිහිටියන්ගේ පෝෂණය, මාංශ පේශි ශක්තිය, ශක්ති මට්ටම් සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීමට Entrasol උපකාරී වන බවට තහවුරු විය. එමගින් Entrasol ලංකාවේ සායනිකව පරීක්ෂාවට ලක් කරන ලද එකම ජාත්‍යන්තර වැඩිහිටි පෝෂණ සන්නාමය ලෙස වෙළෙඳපොළේ කැපී පෙනෙනු ඇත.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය නැංවීමට Kalbe International පුරෝගාමී මෙහෙවරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site