IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ ශ්‍රීලංකන්


LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමේදී ගුවන් සේවා අංශයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගනිමින් “වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය (The Most Loved Brand in the Aviation Sector)” ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. මෙම ඇගයීමත් සමග සුහදශීලී ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය, පුළුල් ගුවන් ගමන් ජාලය, සෘජු ගුවන් ගමන් සහ බාධාවකින් තොරව ගමනාන්ත සම්බන්ධ කිරීමේ හැකියාව හේතුවෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ආදරයට පාත්‍ර වූ ජාතික ගුවන් සේවය බවට තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. LMD හි ජනප්‍රියම වෙළෙඳ නාම තෝරා ගනු ලැබුවේ වෘත්තිකයන් හා දේශීය ආයතනික ප්‍රමුඛයන්ගෙන් සමන්විත LMD හි පාඨකයන් විසින් ලබාදුන් විවෘත ප්‍රතිචාර මත පදනම්වය. 

ශ්‍රීලංකන් ගුවන් යානයක ගමන් කරන ඔහුට හෝ ඇයට හිමිවන අසමසම උණුසුම් ආගන්තුක සත්කාරය, සිය රුචිකත්වයන්ට ගැළපෙන ජාත්‍යන්තර හා දේශීය ආහාර පාන මෙන්ම සෑම ගමනක්ම සුවපහසු හා අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යෑම ගුවන් සේවයේ අරමුණයි. “ශ්‍රීලංකන් ගුවන් සේවය රටේ ජාතික ගුවන් සේවය වීම කෙරෙහි අපගේ පාඨක ප්‍රජාව ඉහළ වටිනාකමක් ලබා දෙනවා විය හැකියි” LMD හි සභාපති හා ප්‍රධාන කර්තෘ හිරාන් හේවාවිසේන්ති මහතා පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 59 ක සහ ගමනාන්ත 113 ක (codeshare හවුල්කරුවන් ද ඇතුළුව) මෙහෙයුම් පවත්වාගෙන යන අතර oneworld Alliance හි සාමාජිකයෙකි. එමෙන්ම සතිපතා සෘජු ගුවන් ගමන් 300කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියානු උපමහාද්වීපය, මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග, අග්නිදිග ආසියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් හි ප්‍රධාන නගර ආවරණය වන පරිදි කොළඹ සිට සෘජු මෙහෙයුම් සිදු කෙරේ. කොළඹින් පිටත්වන සෘජු ගුවන් ගමන් හා බාධාවකින් තොරව සිය ගමනාන්ත සම්බන්ධ කිරීම බලාපොරොත්තු වන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පළමු තේරීම බවට පත්ව ඇත.

LMD හි පාඨකයන් විසින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආයතනික වෙළෙඳ නාම දහයෙන් එකක් ලෙස ද ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ ශ්‍රීලංකන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site