IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය බජාජ්

නොකඩවා තෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් මෝටර් සයිකල් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ඔවුන්ගේ 18 වැනි වාර්ෂික සන්නාම සමාලෝචනයේදී තෝරාගෙන ඇත.

ලෝකයේ හතරවැනි විශාලතම මෝටර් සයිකල් නිෂ්පාදකයා වන බජාජ් මෝටර් සයිකල් පෙළ සීටී 100, ප්ලැටිනා, ඩිස්කවර්, ඇවෙන්ජර්, පල්සර් යන මාදිලිවලින් සමන්විත වන අතර, ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු සහ අග්නිදිග ආසියාව ඇතුළු රටවල් 72කට අධික සංඛ්‍යාවක මේ වනවිට අලෙවි කරනු ලබයි.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ඔවුන්ගේ වාර්ෂික සන්නාම සමාලෝචනයට බජාජ් සන්නාමය 2011 වසරේ සිට ඇතුළත් වූ අතර, 2019, 2020 සහ 2021 වසරවල ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය නම් කරන ලදී.

“එක දිගට වසර 3ක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් නාමය සම්මානයට පාත්‍ර වීම සම්බන්ධව අපි ඉමහත් ලෙස ආඩම්බර වනවා. බජාජ් සන්නාමය සහ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපගේ පාරිභෝගිකයන්ට කෘතඥතාව පුද කරන අතරම පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවෙමින් තම රැකියාවේ රාමුවෙන් ඔබ්බට ගිය පාරිභෝගික සේවයක් ලබාදීම සම්බන්ධව අප සේවක මණ්ඩලයට ද ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන්ගේ කැපවීම අප සන්නාමයේ ශක්තිය බවට පත්වී ඇති බව පිළිබිඹු කරන පැහැදිලි අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.” යැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා පැවැසුවේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය බජාජ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site