IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ නිර්මාණ ශිල්පීන් 30 දෙනකුට ඉන්දියාවේදී ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර සහ යාන්ත්‍රීකරණය කරන ලද රෙදි විවිමේ කර්මාන්තයේ නිර්මාණ ශිල්පීන් 30 දෙනෙක් විශේෂ රෙදිපිළි පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වීමට පසුගියදා ඉන්දීය සංචාරයක නිරත වූහ. ශ්‍රී ලාංකේය වෘත්තිකයන් සඳහා වාර්ෂිකව විශේෂයෙන් සකසන ලද පුහුණු අවස්ථා 700ක් පිරිනමන බවට 2025 අප්‍රේල් මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. 
සතියක් පුරා පැවති මෙම පුහුණු වැඩසටහන ඉන්දීය රජය විසින් තමිල්නාඩුවේ කොයිම්බතූර්හි රෙදිපිළි සහ කළමනාකරණය පිළිබඳ සර්දාර් වල්ලාභායි පටෙල් ජාත්‍යන්තර පාසලේදී පවත්වන ලදී. රෙදි විවීම, නවීන නිර්මාණකරණ තාක්ෂණය, අලෙවිකරණය සහ නායකත්වය පිළිබඳ මොඩියුල ඇතුළු සමස්ත රෙදිපිළි අගය දාමය ආවරණය කරමින් පුළුල් තාක්ෂණික සහ අදාළ තේමාවලට අනුකූල සැසි රැසක් මෙම වැඩසටහන යටතේ පැවැත්විණ. ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කිරීම, කර්මාන්තය සම්බන්ධයෙන් වැඩිදුර අත්දැකීම් ලබා දීම සහ නිර්මාණකරණය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් හැකියාව ඉහළ නැංවීම යනාදිය අරමුණු කර ගෙන මෙම සැසි පවත්වන ලදී. 

අත්දැකීම් ඇසුරින් ඉගෙන ගැනීම සඳහා සහභාගීවන්නන්ට අවස්ථාව හිමි වූ අතර ඒ අනුව ප්‍රධාන පෙළේ ආයතන සහ කර්මාන්තශාලා වෙත ක්ෂේත්‍ර චාරිකා ද සංවිධානය කර තිබිණ. මෙම නියැළීම් තුළින් නූතන රෙදිපිළි පරිසර පද්ධති, නිෂ්පාදන තාක්ෂණය, නිර්මාණ සංවර්ධනය සහ නවීන සිල්ලර වෙළෙඳ පරිසරය යනාදිය සම්බන්ධයෙන් වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන ලදී. 
වෘත්තීය කුසලතා සංවර්ධනයට අමතරව මෙම වැඩසටහනෙන් දූත පිරිසට ඉන්දියාවේ රෙදිපිළි ක්ෂේත්‍රයේ නවෝත්පාදන, කර්මාන්තයේ මනා පිළිවෙත් සහ ක්ෂේත්‍රයේ සහයෝගීතාවට පවතින අවස්ථා සම්බන්ධයෙන් ද මනා අවබෝධයක් ලබා දෙන ලදී. 
ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිර්මාණ ශිල්පීන් සඳහා පවත්වන ලද මෙම විශේෂ පුහුණු වැඩසටහන වෘත්තීය නිපුණතා ශක්තිමත් කිරීමට, දැනුම බෙදා හදා ගැනීම් දිරි ගැන්වීමට සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රෙදිපිළි ක්ෂේත්‍රයේ ආයතනික සබඳතා ගැඹුරු කිරීමට අර්ථවත් දායකත්වයක් ලබා දුන්නේය. 

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ නිර්මාණ ශිල්පීන් 30 දෙනකුට ඉන්දියාවේදී ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site