IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තීරුබදු සහන

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී දකුණු අප්‍රිකාවෙන් තීරුබදු සහන දීමට අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින් සලකා බලන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසූ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ අමතමින් දකුණු අප්‍රිකා මහකොමසාරිස්වරිය මේ බව සදහන් කර ඇත.

ජාත්‍යන්තර සිල්ලර වෙළඳ සන්නාමයක් වන දකුණු අප්‍රිකාවේ ස්පාර්  සමූහය සහ සිලෝන් බිස්කට් සමාගම අතර සිදුවූ හවුල් ව්‍යාපාරයක් හරහා ශ්‍රී ලංකාවේ අලෙවිසැල් 4 ක් විවෘත කර ඇති බවත්, එය වෙළඳසැල් 20 ක් දක්වා ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කොට ඇති බවද දකුණු අප්‍රිකා මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසූවාය.

කොවිඩ්-19 අතරතුර දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වලදී ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ උපායමාර්ගය නැවත සකස් කිරීමේ අවශ්‍යතාවයද ඇය මෙම ව්‍යාපාරික ප්‍රජාව වෙත පෙන්වා දුන්නාය.

දකුණු අප්‍රිකාවට මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමේ හැකියාව, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අගය එකතු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අවස්ථා සහ ටින්වල ඇසුරුම් කිරීමේ කර්මාන්තයේ ආහාර සංරක්ෂණය සඳහා විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම පිළිබඳව මහකොමසාරිස්වරිය ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.

මෙම අන්තර්ජාලය හරහා පැවති රැස්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමත් මත පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති කෝසල වික්‍රමනායක මහතා, වෙස්ග්‍රෝ සමාගමේ, ආසියාව සඳහා රටේ කළමනාකරු බෙන්ජමින් ජෝර්ඩන් මහතා, වෙස්ග්‍රෝ සමාගමේ ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන කළමනාකරු නාඩින් ස්මිත් ක්ලාක් මහත්මිය, ටෙස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා, සේෆිර් කැපිටල් සමාගමේ සභාපති ආර්මිල් සම්මූන් මහතා සහ රන්ෆිකා සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ, රුවිනිකා කිනිගම මහත්මිය ඒ සඳහා සහභාගී වූහ.



අදහස් (1)

ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තීරුබදු සහන

chandima Sunday, 03 January 2021 11:18 PM

කපුටා මැරිලා නැහැනේ... තට්ටක් විතරයි බිම වැටිලා තියෙන්නේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 161 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1053 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site