IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තය ශක්තිමත් කිරීමට GTEX වෙතින් වැඩමුළුවක්

ගෝලීය රෙදිපිළි සහ ඇගලු‍ම් වැඩසටහන ( GTEX 2) යටතේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව ජාත්‍යන්තතර වෙළෙද මධ්‍යස්ථානය (ITC) විසින් සමාජ අනුකූලතාව පිළිබද එක් දින වැඩමුළුවක් කොළඹ ගෝල්ෆෙස් හෝටලයේ දී සාර්ථකව පවත්වන ලදී.
GTEX  2 වැඩසටහන යනු, ශ්‍රී ලංකාවේ ඇගලු‍ම් කර්මාන්තයේ සංවර්ධනය සදහා ස්විස්ටර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO), ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සිය (SIDCA) සහ ජාත්‍යන්තර වෙළෙද මධ්‍යස්ථානය (ITC) , ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි.
මෙම වැඩමුළුව හරහා ප්‍රමුඛ ඇඟලු‍ම් අපනයනකරුවන්, අනුකූලතා වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් එක්රැස් කරමින්, වෙනස් වන ගෝලීය නීතිමය රෙගුලාසි පිළිබඳ අවබෝධය ලබා දීම සහ අනුකූලතා කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික උපාය මාර්ග සොයා ගැනීම සාකච්ඡා කෙරිණ.
මෙම වැඩමුළුවට ITC  හි  රෙදිපිළි හා ඇගලු‍ම්  ඒකක ප්‍ර‍ධානි මතියස් නැප්පේ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවියර් ප්‍රාස්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී  මංගල විජේසිංහ JAAF හි  මහ ලේකම්  යොහාන් ලෝරන්ස් යන මහත්වරු සහභාගී වූහ. එහිදී ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් අංශයේ දිගුකාලීන තරගකාරිත්වය සහතික කිරීමේදී අනුකූලතාවේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළහ.
එරන්ති ප්‍රේමරත්න මහත්මිය (සමාජ අනුකූලතා නායිකා, GTEX SL, ITC) විසින් ගෝලීය අනුකූලතා භූ දර්ශනය පිළිබඳ අදහස් දැක්වූවාය. තවද අනුකූලතා අභියෝග ජය ගැනීමට  තිරසාරභාවය හා ඔරොත්තු දීමේ හැකියාව භාවිත කරන ආකාරය පිළිබඳ MAS HOLDINGS හි  අනුකූලතා සහ සමාජ තිරසාරභාවය පිළිබඳ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍යාමාලි ලියනගේ සහ බ්‍රැන්ඩික්ස් ඇපරල්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු විනුර ජයවර්ධන  විසින් සාකච්ඡා කෙරිණ.
අභ්‍යන්තර විගණන හා සැපයුම්කරුවන්ගේ නිරීක්ෂණ වැඩිදියුණු කිරීම  සඳහා අනුකූලතා කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම, ප්‍රායෝගික මෙවලම් භාවිතය පිළිබද පුහුණුවක් ලබා දිම මෙහිදි සිදු විය. නව්‍යා විජේවික්‍රම මහත්මිය (GTEX SL, ITC) විසින්  අඛණ්ඩ අනුකූලතා හැකියාව වර්ධනය සඳහා ඩිජිටල් අධ්‍යාපන අවස්ථා භාවිතය පිළිබඳ විස්තර කළාය.
මහාචාර්ය Knappe සහ GTEX ශ්‍රී ලංකා - ජාතික ව්‍යාපෘති සංවිධායක රෝෂන් පිරිස් මහත්මිය  වැඩසටහනේ අවසන් කතාව සිදු කළහ. එහිදි  ITC ආයතනය  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් අපනයනකරුවන්ට සහය දීම සිදු කරන බව අවධාරණය කෙරිණ. 

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තය ශක්තිමත් කිරීමට GTEX වෙතින් වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site