(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව වාර්තා කර තිබේ.
පසුගිය වසරේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයත් මේ වසරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවත් ආයෝජන සහ අපනයන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම නිසා මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2.7% ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවෙන් ඇස්තමේන්තු කර තිබේ.
කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඇස්තමේන්තු ගත ආර්ථික වර්ධන වේගය අඩුව තිබේ. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය 3.2% කින් වේගයකින් වර්ධනය වූ බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.3% කින් ද 2021 දී 3.7% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.
ලෝක බැංකුවේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව දකුණු ආසියානු කලාපයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් ඇති රට බවට පත්ව ඇත්තේ බංග්ලාදේශයයි. මේ වසරේදී එරට ආර්ථිකය 8.1% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ 2.5% කින්, භූතානයේ 5කි% න්, ඉන්දියාවේ 6 % කින්, මාලදිවයිනේ 5.2% කින්, නේපාලයේ 7.1% කින්, පාකිස්තානයේ ආර්ථිකය 3.3% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදන ආර්ථික දැක්මක් රට තුළ ඇති නොකර ආර්ථික වර්ධනයක් ගැන කතා කරලා වැඩක් නෑ. එක පැත්තකින් දේශීය සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර නිෂ්පාදනයන්ට ආදේශන සහ එම නිෂ්පාදනම ආනයනය කරන ගමන් නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට පරිභෝජන ආර්ථික රටාවකට රට ගෙනියනවා. හොඳම උදාහරණය තමයි ලක්සැල, 2015 ලක්සැල වෙළඳසල් 42 ක් තිබ්බා දැන් තියෙන්නේ 2යි.. අනික සුළු අපනයන බෝග ව්‍යාප්තිය. කොටින්ම කන සහල් ටිකත් පිටින් ගේන්න වෙලා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ. අපි රටක් විදියට පස්සට විතරයි. මේ යහපාලන ආණ්ඩුව කලේ ගිහින් තියෙන්නේ...
ලෝක බැංකුව කියන විදියට දකුණු ආසියාව නම් 3 වන ලෝකයේ කලාපිය රටවලිනුත් අන්තිම පහළින් ඉන්නේ අපිනේ... ආයෝජකයන් එකෙක් එන්නේ නැති, හැමදාම බෝම්බ පුපුරන ඇෆ්ගනිස්ථානෙත් ආර්ථික වර්ධන වේගය 2.5% ක්ලු...
ලැජ්ජයි. නමුත් ලැජ්ජා නැතිව ආයෙමත් සැරයක් අවුරුදු 70ක්ම රට බෙදාගෙන විනාස කරපු ටික ආයෙමත් එන්න හදනවා. අපේ රටේ ඉන්න වහල්ලු ටික ඒ අයටම ඡන්දෙ දෙනවා. කිසිම රජයක් දුප්පත්කම නැතිකරන්නෙත් නැහැ. දුප්පත්කම නැතිවුනොත් දේශපාලුවන් ඉදිරියේ දෙකට තුනට නැවෙන්න කව්රුත් නැහැ. ඒ නිසා දෙස්පාලුවාගේ පැවැත්මට දුප්පතාව තියාගන්නවා. මේ පාරවත් මේ රටේ මිනිස්සුන්ට රට ගැන සුබ අදහසක් පහලවේවිද කියලා බලමු.
ලක්සල වගේ ආයතන වැහෙනවා කියන්නේ ස්වභාවික මරණ, ඒවාට ටිකක් ගිහින් බලන්න, අලස උදාසීන කිසිම විවිධත්වයක් නැති හද්දා පරණ මෝස්‌තර පරණ සංකල්ප ටිකක් පට්ට ගැහ ගහ විකුණන සුදු අලියෙක්, ඒ වගේ මෝඩ රාජ්‍ය ආයතන ටිකක් තියාගෙන රට දියුණු කරන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්නවා, වේගවත් ඉඳිකිරීම් කෙරෙනකොට රටක ආර්ථික වර්ධන වේගයක් පෙන්වනවා තමයි, එත් එය නොකඩවා පවත්වාගන්න නම් අර ආයෝජන වලින් ලාබ සොයන්න ඕන, එහෙම කලොත් සංවර්ධන කරයුතු නොකඩවා පවත්වන් යන්න පුළුවන්, අනාගත ව්‍යාපෘති වලට නය ගන්න පුළුවන්, අපේ රටේත් වේගයෙන් විවිධ ආකර්ශනීය ඉඳිකිරීම් පටන් ගත්ත, එත් ඒ ආයතන වලින් ලැබෙන ලාබ ඉතා අඩුයි, සමහර ඒවාකිසිම වැඩක් නැහැ. ලංකාවේ ඉතා ධනවත් එත් කිසිම උගත්කමක් නැති මුදලාලි මහත්තයෙක් කිව්වා මොන සංකල්පේ තිබුනත්, රුපියලක් හරි උපයන්නේ නැත්නම් ඒ සංකල්ප වලින් ඇති වැඩේ මොකක්ද කියල, සහතික ඇත්ත, නය ගන්න ඕන ඒවා ගෙවන්න ඕන කියල කල්පනා කරලා ගෙවන විදිහ හදාගෙන, අපේ රටේ නොවෙන්නෙත් එක,