ගම්පහ ජනතාවට පහසුවෙන් ගුවන් ගමන් සේවා ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සිව් වැනි ගුවන් මඟී නියෝජිත කාර්යාලය ගම්පහදී විවෘත කළේය.
ආසන වෙන්කිරීම, ට්කට්පත් අලෙවිය ඇතුළු විශේෂ සේවා ලබා දීම, ගාස්තු තොරතුරු, කාලසටහන් හා පැකේජ සේවා ද ලබාගත හැක.
ගම්පහ කොළඹ පාරේ අංක 302 දරණ තැන පිහිටුවා ඇති මෙම කාර්යාලයේ ශ්‍රීලංකා නියෝජිතයා ලැන්ඩෝට්‍රැවල්ස් (පෞද්ගලික) සමාගයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ලෝක ව්‍යාප්ත අළෙවි නිලධාරී ලාල් පෙරේරා, කලාපීය කළමනාකරු(ශ්‍රීලංකාව සහ මාලදිවයින) සමින්ද පෙරේරා, ප්‍රධාන වානිජ කළමනාකාර ජේ.ටී ජෙයශීලන් සහ ලැන්ඩ්‍රෝ ට්‍රැවල්ස් පෞද්ගලිත සමාගෙමි අධ්‍යක්ෂක ලෝරන්ස් ප්‍රනාන්දු යන නිලධාරීන්ද මේ උත්සවයට එක් වූහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසන්ක, එතකොට ගම්පහින් අර අහවලාව පත්කළේ අපිද? (නි)
කටුනායකට කාර්යාලයක් ඕන.. නැත්නම් මීගමු පාරට.. කටුනායක කවුන්ටරයෙන් වැඩක්කරගන්න බැහැ කතාකරන ඒවා ඇහෙන්නේ නැහැ..! (නු)
ශ්රී ලංකන් කෙලින්ම ඕස්ට්‍රේලියාවට එවුවොත් ගොඩක් ලාභ ගන්න පුලුවන්. (නි)
අසන්ක හරි. (නි)
සුද්දොන්ට නැති ගණන් දාන්නේ ගුවන් කෙල්ලෝ අපිට. සුද්දන්ටනම් සර් කියලා හරිම සැලකිලි. අපිට මුකුත් නෑ (ස)
ගොඩක් අයව පාර්ලිමේන්තුවට යෙව්වෙත් ගම්පහ උගත් ජනතාවම තමා (නු)
මහජන සේවය (දී)
පහන් හිටිය වගේ තව මාස දෙක තුනක් ඉන්නකෝ මත්තල ගුවන්තොටුපොල විවෘත කරනකං. ලාභ පෙන්නන්න..!(නු)
දේශපාලන ඉතිහාසයට එක්වුණු සුප්‍රකට ගිරිධාර මෝල තිබුනෙත් මෙහෙ තමයි..!(නු)
අපි අපේ කිවුවට එයාලට හැගීමක් තියෙනවද දන්නෙ නැහැ. (නි)
ගම්පහ විතරක් නෙමෙයි, රටේ මුලු අස්සක් මුල්ලක් නෑරම මේවා විවෘත කරන්න ඕනෑ. (නි)
ගමිපහට ආවට ටිකටි අස්ප ගනන් නිසා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බෑනෙ (නදී)
ගාමිණී මොලේ ටිකක් පරීක්ෂාකර ගන්න වෙයි වගේ (ස)
හා හා එහෙම කියන්න එපා ගම්පහ තමයි මම ඉපදුන නගරය.. ගම්පහ තමයි ලොව ප්‍රථම අගමැතිණිය ඒවාගේම ලෝක කුසලානය දිනන ලද ක්‍රිකට් නායකයා.. එමනිසා ගම්පහට ජය..!(නු)
දිල්ෂාන්, ඒක තමයි මම කිවුවේ ලැජ්ජයි කියලා. (නි)
ගම්පහ නම් කොළඹට ළග වැඩියි කියලයි මට නම් හිතෙන්නේ.
ජනතාවට තවත් පහසුවක්. (දී)
මේවා ලියන අය ලංකාවෙද කියලා සැකයක් හිතෙනවා(නදී)
අපේ ගුවන් සේවය ගැන අපිට ආඩම්බරයි. නමුත් සමහර ගුවන් සේවිකාවන් ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ. (නි)
නියම වැඩක්..!(නු)
ශ්රී ලංකන් එකෙන් ඇත්තටම ලාබයිද? (නි)
නූගත් මෝඩ කෙල්ලෝ සලකන්නවත් දන්නෙ නෑ , හින්ද අපි ඉවසනවා . (ස)
ශ්රී ලංකන් එයාර් ලයින් ලාභ ලබන්න නම් ඕස්ට්‍රේලියා ,ඉතාලි ,ඊශ්‍රායල් වගේ රටවල් වලට කෙළින්ම ගුවන් ගමන් ආරම්භ කළයුතුය. (නි)
ගම්පහ කියන්නේ ඉහලගම ,පහලගම ,මැදගම ,අලුත් ගම ,පට්ටියගම. උගතුන් සිටින නගරයක් . (නි)
ඒ වුණාට අපේ නංගිලා අපිට ෆ්ලයිට් එක ඇතුළෙදි මහ රෙස්පට්නේ දාන්නේ. (නි)
අල්ලපු රටේ අයට නම් අපේ ලංකාව අපිටත් වැඩිය හිතට අල්ලලා වගෙයි. (නි)
උගත් අයව මහ පාරට ඇදාල දැම්මේ කවුද කියලා දන්නවා ඇතිනේ. (නි)
අසන්ක, ඔය කතාව ආයි නම් කියන්න එපා. ලැජ්ජා හිතෙනවා. (නි)