IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් කෙන්යාවේ නයිරෝබි වෙත මෙහෙයුම් අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවැනි ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇත.

ඒ අනුව නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ (NBO) සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල (BIA) අතර 22 වැනි දින සිට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම බ්‍රහස්පතින්දා දිනකම නයිරෝබි වෙත සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහිත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා යොදවා ඇත. යූඑල් 1715 ගුවන් යානය පැය 10:45 ට කොළඹින් පිටත් වී පැය 14:40 ට ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබසිනු ඇත. පසුව යූ.එල්. 1716 නයිරෝබි සිට පැය 04:40 ට පිටත් වී පැය 13:55 ට නැවත කොළඹට ළඟාවීමට සැලසුම් කර ඇත.

නව ගමනාන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රිකානු කලාපයට ව්‍යාප්ත කරමින් කෙන්යාවේ අගනුවර වෙත ගුවන් ගමන් දියත් කිරීම ගැන අපි සතුටු වෙනවා. නව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ගෝලීය මාර්ග ජාලය හරහා බාධාවකින් තොරව සම්බන්ධතා ලබා ගනිමින් බොහෝ අය කෙන්යාවට ගොස් ලෝකයේ විශ්මයජනක වන සතුන් ගවේෂණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ”

නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ව්‍යාපාරික හා විවේක කේන්ද්‍රස්ථානයක් ලෙස නයිරෝබි හඳුන්වා දිය හැකි අතර ඉන් පිටතට ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලු‍ම ද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. නයිරෝබි පිහිටා තිබෙන්නේ පුළුල් ජල පෝෂක ප්‍රදේශයකට අයත්ව ගොඩබිම සහ ගුවන් සම්බන්ධතා ඇති උපාය මාර්ගිකව වන අතර එමගින් උගන්ඩාව, ඉතියෝපියාව, ටැන්සානියාව, රුවන්ඩාව, මලාවි, සැම්බියාව සහ මැඩගස්කරය වෙත ඉතා පහසු සම්බන්ධතා සපයයි. කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතය, සෙරෙන්ගෙටි ජාතික උද්‍යානය සහ ටැන්සානියාවේ සැන්සිබාර් ඉතා ජනප්‍රිය සෆාරි සහ ජාතික උද්‍යාන ලෙස හැඳින්විය හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවැසීය. නැගෙනහිර අප්‍රිකාව, ඈත පෙරදිග සහ ඉන්දියානු උප මහද්වීපය අතර සැලකිය යුතු මාර්ග තදබදයක් ඇති කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙම නව මාර්ගය ඉඩ සලසනවා. එසේම මෙම නව මාර්ග ජාලය හරහා ප්‍රධාන ගමනාන්ත වෙත සම්බන්ධ වීමට කාලසටහන මඟින් ඉඩ ලබා දී තිබුණ ද, චීනයට සහ ඉන්දියාව වෙත ශක්තිමත් මෙහෙයුම් සිදු වනු දැකීමට අපේක්ෂා කරනවා.

 



අදහස් (2)

ශ්‍රී ලංකන් කෙන්යාවේ නයිරෝබි වෙත මෙහෙයුම් අරඹයි

S.P.පෙරෙරා Monday, 26 April 2021 08:47 PM

එංගලන්තය සහ බොහෝ රටවල් කොරෝනා රෝගී අවදානම වැඩි කෙන්යාව වගේ රටවල් රතුලැයිස්තු ගත කරලා ගුවන් ගමන් තහනම් කර ඇති පසුබිමක ලංකාව කෙන්‍යාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීම මොන තරම්නම් අනුවණ කමක්ද?

:       1       10

Dinesh Tuesday, 27 April 2021 10:01 AM

කවුද ඔය රටවල් වලට යන්නේ සමහර විට ලංකාවේ දේශපාලකයෝ පමණයි.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site