(චමින්ද මුණසිංහ)
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නවීකරණය කරන ලද නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ දී පසුගියදා විවෘත කළේය.
කොළඹ වාණිජමය හදවත බඳු ප්‍රදේශය තුළ පිහිටා ඇති මෙම කාර්යාලය උපායමාර්ගිකව ස්ථානගත කර තිබෙන බවත් ඈත අතීතයේ සිට මේ දක්වාම ගුවන් සමාගමේ නගර කාර්යාලය මෙම ගොඩනැගිල්ලේ ස්ථාන ගතව තිබු බවත් එම සමාගම කියයි. එම සමාගම වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි. එහි මුහුණත සහ අභ්‍යන්තර ව්‍යුහය ලන්දේසි ඉදිකිරීම් කාලය පිළිබිඹු කරයි. පරිසර හිතකාමී අභ්‍යන්තර ව්‍යුහය සමඟ සම්මිශ්‍රණය වෙමින් මෙම පැරණි ගොඩනැගිල්ල නවීකරණය කළ අතර එය අද වන විට ඉතා ආකර්ශනීය පෙනුමක් ලබා දෙයි. මෙම ස්ථානයේ ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අලෙවි අංශය, ශ්‍රීලංකන් හොලිඬේස්, ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් අංශය සහ මාධ්‍ය ඒකකය ඇතුළු ආයතනික කාර්යාලය ස්ථානගත කර තිබේ.
මීට ඉහත දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ විකුණුම් හා ආයතනික කාර්යාල කොළඹ උඔක් හි ස්ථානගත කර තිබූ අතර, වසර දෙකකට පෙර එම කුලී ගිවිසුම් අවසන් කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 80 ක් ඉතිරි කර ගැනීමට ගුවන් සේවයට හැකියාව ලැබිණි. තවද, කොළඹ පිහිටි ගුවන් භාණ්ඩ අලෙවි කාර්යාල පරිශ්‍රයේ බදු ලබා ගැනීම මේ අනුව අහෝසි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 10 ක් ඉතිරි වේ. මෙම නව කාර්යාල පරිශ්‍රය ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලද අතර පවතින වසංගතය හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාද විය. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත යන ස්ථානයේ දී වීවෘත කරන ලදී.
දිගු ඉතිහාසයක් ඇති මෙම ස්ථානය රජය සතු දේපළක් වන අතර එය වර්ෂ 1976 දී එයාර් සිලෝන් වෙත ලැබුණි. එයාර් සිලෝන් වසා දැමීමත් සමඟ මෙම ඉඩම 1985 දී එයාර් ලංකාව විසින් මිලදී ගත් අතර එය දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් වේ.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්‍රීලංකන් නවීකරණය වූ නව කාර්යාලය කොළඹ දී විවෘත වෙයි.