IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ශක්තිමත් ක්‍රමයක ජාතික අවශ්‍යතාව

අපගේ රට යළි යථා තත්වයට ගෙන ඒමටත්, ජාතියේ ගරුත්වය රැක ගැනීමටත් ශ්‍රමය හා කාලය වැය කළ සෑම ශ්‍රී ලාංකීය පුරවැසියකුගේම කනස්සල්ලට හේතු වන, සිත කම්පා කරවන පුවතක් ඉකුත් දා ඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වූයේය. මැයි 13 වැනිදා ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වූ ආකාරයට, විසිහය හැවිරිදි විදේශීය සංචාරක කාන්තාවකට නොදැනෙන්නට මත්ද්‍රව්‍ය පොවා ඇගෙන් රුපියල් ලක්ෂ අටක පමණ වටිනා දෑ කොල්ලකා රාවනා ඇල්ල සමීපයේ ප්‍රපාතයකින් පහළට ඇයව තල්ලු කර දමා තිබේ. ඇය එහිදී දිවි බේරාගත් බැවින් මෙම අපරාධය හෙළිදරව් වී තිබේ. මෙහිදී වඩාත් සිත කැළඹිල්ලට පත් කරන කාරණය නම්, ඊට චෝදනා ලත් සැකකරු 70 හැවිරිදි විශ්‍රාමලත් පොලිස් පරීක්ෂකයකු වීමයි. ඔහු මේ වන විට ප්‍රවාහන පහසුකම් සම්පාදනය කරන්නකු ලෙස කටයුතු කර තිබේ.
මානව සම්පත් සංවර්ධනයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කරගැනීමට කැපවී සිටින අයකු ලෙස මෙය සිත වඩාත් තැතිගන්නා සිද්ධියක් ලෙස ද දැනේ. මෙම සිද්ධිය හුදෙක් හුදෙකලා අපරාධමය සිද්ධියක් ලෙස නොව, අපගේ ජාතික අවශ්‍යතාවන් කෙරේ පවතින තර්ජනයක් ලෙස ඒ වෙත පූර්ණ අවධානය ඉල්ලා සිටින්නකි.


ආර්ථිකය යථා තත්වයට පත්වීම තර්ජනයට ලක්වීම
අපගේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටී. දරුණු ආර්ථික අභියෝගවලින් පහර කා ඉවසාගත් පසු යළි යථා තත්වයට පත්වීමේ පදනම් ගලක් ලෙස අපි සංචාරක ව්‍යාපාරය හඳුනාගෙන ඇත්තෙමු. ජාත්‍යන්තර වශයෙන් මෙරටට ප්‍රවේශ වන සෑම අමුත්තකුම නියෝජනය කරන්නේ හුදෙක් විදේශ විනිමය මූලාශ්‍රයක් පමණක් නොවේ. එම තැනැත්තා ශ්‍රී ලංකාව යහපත් ගමනාන්තයක් ලෙස හෝ පරෙස්සම් සහගත විය යුතු ගමනාන්තයක් ලෙස අන් අයට හඳුන්වා දෙන රාජ්‍යතාන්ත්‍රික විභවතාවක් සතු අයකු වෙයි.
අපට යථා තත්වයට පත්වීමට ඇති අත්තිවාරමට මේ ඔස්සේ ඍජුවම අපරාධ චෝදනාවලින් ප්‍රහාර එල්ල වේ. මෙම ස්වභාවයේ තනි සිද්ධියකින් මාස ගණනක් තිස්සේ අපේ රටේ ජාත්‍යන්තර කීර්තිනාමය යළි නැංවීමට දරන ආයාසකර උත්සාහය සැණෙකින් අපතේ යා හැකිය. සංචාරක විභවතාව ඇති රටවල සංසරණය වන සෑම වාර්තාවකින්ම මෙරට තුළ පවතින ආරක්ෂාව පිළිබඳ සැලකිල්ල වඩාත් ශක්තිමත් වන අතර, සංචාරක තීරණයන්ට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට ද ඒවා බලපෑම් කරනු ලබයි.

 

  • අප වඩාත් දැඩි උනන්දුවක් දක්වන ගෝලීය ප්‍රජාව වෙත මෙයින් යැවෙන පණිවිඩය කුමක් ද?
  • අප නීත්‍යනුකූල වාර්තාවලින් පිළියෙල කොට තබන පරිවහන සේවාවන්වල ද මේ ආකාරයේ ගසාකන්නෝ සැඟවී සිටිත් ද?
  • මහජන ආරක්ෂාව වෙත භාර දුන් උදවිය අනතුරට පත්වේ ද?
  • මෙම ප්‍රත්‍යක්ෂයන් වරක් සිත් තුළ ගොඩනැගුණ පසු ඒවා දුරු කිරීම සඳහා අතිශය අසාමාන්‍ය වෙහෙසක් දැරිය යුතු වේ.

 

වෙසක් දිනයේ පරස්පරය
මෙම තත්වයේ බරපතළකමට කාලීන ස්වභාවය ද එක් වෙයි. මෙම නින්දිත සිදුවීම සිදු වී ඇත්තේ වෙසක් දිනයේ, අපගේ ජාතිය බුදු රජාණන් වහන්සේගේ නිර්වාණයත්, උන්වහන්සේගේ ඉගැන්වීම් සමුදායත් අනුස්මරණය කරන අතරවාරයේදීය. මෙම සිද්ධිය ඊට හාත්පසින් වෙනස්, පරස්පර වූවකි. අපගේ නිවෙස් හා විහාරවල වෙසක් පහන් දැල්වෙමින් මෝහය දුරු වීම සංඛේතවත් කරන විට මෙම සිද්ධියෙන් අපගේ සාමූහික විඥානය මුළුමනින් අඳුරු කොට වසාලන්නේය. මෙම පරස්පරයෙන් හානි වන්නේ අපගේ සංචාරක ව්‍යාපාරයේ අපේක්ෂාවන්ට පමණක් නොව, සම්මා වායාම හෙවත් නිවැරැදි කල්කිරියාව යන මූලධර්මය ගුරු කොට ගත් අපගේ සමාජ ස්ථාවරයන්ට ද එය අතිශය හානිකරය.


ආයතනික වගවීමේ අවශ්‍යතාව
විවිධ මට්ටමෙන් අසාර්ථකත්වයට පත්ව ඇති බව දිස්වෙන ආයතනික ආරක්ෂාව පිළිබඳ කරදරකාර ප්‍රශ්න මෙම සිද්ධියෙන් පැන නැගේ.

 

  • සංචාරක අංශයට සැපැයෙන ප්‍රවාහන සේවා පරිහානියට ලක් කිරීමේ ක්‍රියාදාමය කොතරම් ශක්තිමත් වේ ද?
  • විදේශ අමුත්තන් සමග ඍජුවම ප්‍රතික්‍රියා කරන්නන් අධීක්ෂණය කිරීම උදෙසා කිනම් අධීක්ෂණ වැඩපිළිවෙළ පවතී ද?
  • සංවේදි තනතුරු දැරූ රැකියාවලින් අනතුරුව සංචාරක ව්‍යාපාරයට පිවිසෙන උදවියගේ යෝග්‍යතාව සහතික කිරීම කිනම් නීති රීති ක්‍රියා පරිපාටිවලින් තහවුරු කෙරේද?

 

මෙම කාරණය උදෙසා අචල කැපවීමෙන් යුතුව යුක්තිය ඉටු කිරීමේ විශේෂ වගකීමක් නීතිය ක්‍රියාත්මක වෙන ප්‍රජාවන් විසින් දැරිය යුතුය. මෙම චූදිත අපරාධකරු ඔවුන්ගේම කණ්ඩායම් තුළින් මතු වන බැවින්, විනිවිද පෙනෙන සුලු භාවය සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින අවශ්‍යතාව වඩාත් කැපී පෙනෙන්නේය.
විශේෂ අමුත්තන්ට සිදු කරන අපරාධවලට එරෙහිව ක්ෂණික ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවන බව අපගේ අධිකරණය විදහා පෙන්විය යුතුය. යුක්තිය ඉටු වීමේදී සිදුවන ප්‍රමාදයන් එහිදී ජාතික අවශ්‍යතාවන්ට බාධාකාරි වේ.


දණ්ඩනීය පියවරයන්ගෙන් ඔබ්බට
නඩු පැවරීම අත්‍යවශ්‍ය ලෙස කළ යුතු වන අතර, එසේ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම සිද්ධිය උත්ප්‍රේරණයක් ලෙස ගෙන අපගේ සංචාරක අංශයේ ආරක්ෂක ක්‍රියා පරිපාටි පරිපූර්ණ ලෙස නැවත සමාලෝචනය කිරීම සඳහා යොමු විය යුතු වේ. ආරක්ෂණ පියවරයන් ශක්තිමත් කිරීමේ මෙම පියවරේදී, රජයේ අමාත්‍යවරුන්ගේ සිට සංචාරක කර්මාන්තයේ මෙහෙයුම්වල යෙදෙමින් සහයෝගිතාව පවත්වාගෙන යන අය දක්වා වූ සියලුම උනන්දුව දක්වන්නන් ඊට දායක විය යුතු වේ.
සංචාරක කර්මාන්තය විසින් වඩාත් දැඩි ස්වයං නියාමනයක් වැළඳගත යුතුය. ප්‍රවාහන සම්පාදකයන් දැඩි ලෙස පසුබිම් පරීක්ෂාවන්ටත්, නිරන්තර ඇගැයුම්වලටත්, පැහැදිලිව වගවීමේ යාන්ත්‍රණයන්ටත් ලක් කළ යුතුය. අමුත්තන්, සේවා සම්පාදකයන් සමග සම්බන්ධ කෙරෙන ඩිජිටල් වේදිකාවන්ගෙන් ආරක්ෂක අංශ සහ පරීක්ෂණ ක්‍රියා පටිපාටි වඩාත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කළ යුතු වන්නේය.


සාමූහික පියවර ගැනීම සඳහා හඬ නැගීම
ශ්‍රී ලාංකිකයන් වන අපට මෙය හුදෙකලා සිද්ධියක් ලෙස සලකා ක්‍රමික ප්‍රතිචාර නොදක්වා බැහැර කළ නොහැක්කකි. රට යථා තත්වයට පත්කිරීම සහ රටේ ගරුත්වය රැකීම උදෙසා අප සැම දෙනා වෙත වගකීම පැවැරී තිබේ. රජුගේ වේවා, නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයේ හෝ වේවා තනතුරු දරන බලධාරින් විදේශීය අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන දැඩි පියවර අනෙක් සියලු කරුණු පසෙකලා ප්‍රමුඛතාව දී ගත යුතු වන්නේය.
ජාතියක් ලෙස අප හුදෙක් වින්දිතයාට යුක්තිය ඉටු කිරීමෙන් නොනැවතී අපගේ දැඩි කනගාටුව ද පළ කළ යුතුය. මෙරටට පැමිණීමේ විභවතාව පවතින විදේශීය අමුත්තන් මෙම තත්වය පිළිබඳව විපරමෙන් පසුවන අතර, අප නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රදර්ශනය කළ යුත්තේ ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බවට පත් කෙරෙන බව සහතික කෙරෙන වචනයෙන් පමණක් නොවේ.
ජාත්‍යන්තර විශ්වාසයෙන් තොරව අපගේ ආර්ථිකය තිරසර ලෙස යථාවත් කළ නොහැකිය. විශේෂයෙන් අපගේ රට ගමනාන්තයක් කොට ගෙන මෙහි පැමිණෙන අය ඇතුළුව, අවදානමට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට අප අසමත් වන්නේ නම්, බෞද්ධ පුරුෂාර්ථයන්ගෙන් හෙබි ජාතියක් ලෙස අපට තිබෙන සංස්කෘතික අනන්‍යතාව සැබෑ වන්නේ නැත.
ඉදිරි මග යද්දී අවශ්‍ය වන්නේ එම සිද්ධියට පිළියම් යෙදීම පමණක් නොවේ. අනාගතයේදී එවැනි සිද්ධි සිදු නොවීමට ක්‍රමයේ ශක්තිමත් කිරීමක් අවශ්‍ය වන්නේය. අපගේ ජාතික අවශ්‍යතාව විසින් ඊට අඩුවෙන් කිසි දෙයක් ඉල්ලා සිටින්නේ නැත.

2025-5-15 Daily FT හි පළ වූ National disgrace that demands immediate action ලිපියේ පරිවර්තනය 
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

ශක්තිමත් ක්‍රමයක ජාතික අවශ්‍යතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site