භානුක අමරසිංහ
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමාගමකට එරෙහිව රුපියල් මිලියන 3ක දඩ පැනවූ බව මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස එම ඒකකය මගින් මෙලෙස දඩ පනවා තිබේ. 2024 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා මෙම දඩ පැනවීම සිදුව ඇත.
ඒ අනුව මෙහිදී ඉන්දියන් බැංකුව වෙත රුපියල් මිලියන 2ක දඩයක් පනවා තිබේ. එම බැංකුව විසින් රුපියල් මිලියනක් හෝ විදේශ මුදලින් එයට සමාන මුදල් ප්‍රමාණයක් ඉක්මවන විද්‍යුත් අරමුදල් හුවමාරුවීමේ ගනුදෙනු කිහිපයක් මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරිමට අපොහොසත් වී තිබේ.
එසේම රක්ෂණ සමාගමටද අදාළ චෝදනාව යටතේ රුපියල් මිලියන 1ක දඩයක් පමුණුවා තිබේ. මෙලෙස එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලද බවත් මහ බැංකුව වැඩි දුරටත් පවසයි.
ලාෆ්ග් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රවීන්ද්‍ර ප්‍රභාත් එදිරිසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසය
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජෙගදීසන් දුරෙයිරත්නම් මහතා පත් කරගත්
ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශ
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට
EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය.
මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාස සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදෙස් බැංකුවකට රක්ෂණ සමාගමකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් රු.මිලියන 3ක දඩ