ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීමෙන් FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමගින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ සුඛෝපභෝගී විශේෂාංග සමගින් ඉහළ සේවාවක් ලබා දෙනු ඇත.
FitsAir හි මෙම නව ව්‍යාපාරික පන්තිය, නූතන ව්‍යාපාරික සංචාරකයන් වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර තිබෙන අතර, සෑම සේවාවකදීම ඔවුනට සුවපහසුවක් ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මගීන්ට ඉක්මනින් සිය ටිකට්පත් පරීක්ෂා කොට ප්‍රමුඛතා පිවිසුම හරහා පහසුවෙන් ගුවන් යානයට පිවිසීමේ හැකියාව සහ කඩිනමින් ගුවන් මලු ලබා ගැනීම යනාදී පහසුකම් සලසා දී තිබේ. එමෙන්ම ආසන නැවත වෙන්කරවා ගැනීම් සහ අවලංගු කිරීම් සඳහා නම්‍යශීලී හා පහසු විකල්ප හඳුන්වා දී ඇති අතර එමගින් පියාසර කරන මගීන්ගේ මානසික සුවපහසුවට පිටුවහලක් සැලසෙනු ඇත. මෙහිදී FitsAir සමාගම, ව්‍යාපාරික මගීන්ට තම ගුවන් ගමනට පෙර විවේකීව සිටීම සඳහා වෙන් කරන ලද විවේකාගාර වෙත ප්‍රවේශ වීමේ පහසුකම් ද ලබා දෙනු ඇත.
මේ අතර, මෙම මගීන් සඳහා කිලෝග්‍රෑම් 40ක ගමන් මලු දීමනාවක් හා කිලෝග්‍රෑම් 10 ක අත් ගමන් මලු දීමනාවක් සමඟින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව සහ ගුවන් විනෝදාස්වාදන පහසුකම් ඇතුළු තවත් බොහෝ විශේෂාංග රැසක් භුක්ති විඳීමට FitsAir ගුවන් සමාගම අවස්ථාව උදා කර දී තිබේ.
ව්‍යාපාරික පන්තිය හඳුන්වා දීම සම්බන්ධයෙන් FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂAmmar Kassim මහතා මෙසේ අදහස් පළ කළේ ය. “අඩු පිරිවැය ගුවන් සේවයක් වශයෙන් අපගේ ඉලක්කය වන්නේ ගුවන් ගමන් පහසු කිරීමයි. ව්‍යපාරික පන්තිය හඳුන්වා දීම, අපගේ ගුවන් සේවාවේ තවත් එක් ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, සාමාන්‍යයෙන් වියදම් පිළිබඳ සැලකිලිමත් වන ගුවන් මගීන්ට සැප පහසුකම් සහිත ඉහළ මට්ටමේ සේවාවක් භුක්ති විඳීමට හැකියාව පවතී. මේ සියල්ලෙන් දැරිය හැකි මිලකට සුඛෝපභෝගී සේවාවක් යනු කවරක්ද යන්න සැබෑ ලෙසම අරුත් ගැන්වීමට FitsAir ගුවන් සමාගමට හැකිවීම පිළිබඳව සතුටට පත් වෙමි”
නව ව්‍යාපාරික පන්තිය හඳුන්වා දීමත් සමඟ ගුවන් මගීන්ට දකුණු ආසියාව සහ මැදපෙරදිග කලාපය පුරා පියාසර කිරීමේ අත්දැකීම හිමි කරදීමෙන්, FitsAir ගුවන් සමාගමේ සේවාව තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
FitsAir ගුවන් සමාගම ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි