IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වෙළෙඳ ගිවිසුම්වලට එරෙහිව බලපෑම් කරන්නයි ඉල්ලීමක්

(විනීතා එම් ගමගේ)
     

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා පැවැත්වීම ඇතුළු සියලූ ක‍්‍රියාදාමයන් නවතා දැමීමට රජයට බල කිරීම පළාත් පාලන ආයතනවල පළමු කාර්යය ලෙස කරන්නැයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අභිනවයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත්වන සභිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබදව ජාතික ප‍්‍රතිපත්තියක් එළිදක්වන තෙක් දැනට සාකච්ඡා පවත්වමින් සිටින සියලූම වෙළෙඳ ගිවිසුම් පිළිබද කටයුතු වහාම අත්හිටුවීමට රජයට බල කරන ලෙසත් ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය කර ඒ මත පිහිටා නිසි ශක්‍යතා අධ්‍යනයක් සිදු කර ශ‍්‍රී ලංකාවට වාසි අත්කරගත හැකි වෙළඳ ගිවිසුම් පමණක් හඳුනා ගෙන නිසි ක‍්‍රමවේදයකට අනුව අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමට මධ්‍යම රජය පොළඹවන ලෙසත් පළාත් පාලන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු  කපිල පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි, මත්තල ගුවන් තොටුපළ, ශ‍්‍රී ලංකාවේ වරාය ඇතුළු ජාතික සම්පත් විකුණා දැමිමට අදාළව සිදු කරගෙන යන කටයුතු වහාම නවතා දැමීමට දායකත්වය සපයන්නැයි ඉල්ලා සිටින බව ද හෙතෙම කීය.

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය සඳහා සිදුකරන සියලූම ක‍්‍රියාදාමයන් වහාම අත්හිටුවන තුරු යුතුකමක් සේ සළකා සටන් කරන ලෙසත් දේශීය නිෂ්පාදකයා සවිමත් කිරීමට අවශ්‍ය පියවර සභාවන් හරහා ගන්නා ලෙසත් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

මෙම යෝජනාවන් නව පළාත් පාලන ආයතන නියෝජිතයින් ඉදිරියේ තබන බවත් ඊට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු තව දුරටත්  කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය, ලංකා බැංකු සේවක සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දුරකථන සන්නිවේදන ඉංජිනේරු සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රේගු නිධාරීන්ගේ සංගමය, ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ඉංජිනේරු සංගමය - ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ප‍්‍රගති ගුරු සංගමය, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, ශ‍්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවයේ විධායක නිලධාරීන්ගේ සංගමය, ප‍්‍රගතිශිලී බැංකු සේවක පෙරමුණ ඇතුළු වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙහි සාමාජික සංවිධාන විසින් මෙම ඉල්ලීම කරන බව ද පෙරේරා මහතා කියා සිටියේය.
 



අදහස් (2)

වෙළෙඳ ගිවිසුම්වලට එරෙහිව බලපෑම් කරන්නයි ඉල්ලීමක්

samare Friday, 16 February 2018 12:44 PM

ව්‍යවස්ථා සංශෝධනය! රට බෙදන මඟ !

:       0       26

ගුණවර්ධන Tuesday, 20 February 2018 09:21 PM

අනිවාර්යයෙන් විරුද්ධ වෙන්න ඕන මේවට. මොකද මේ ගොල්ලො දන්නෙ රටේ තියෙන සම්පත් විකුණගෙන කන්න විතරයිනේ. රටට දෙයක් කරන්නෙත් නෑ, කරපු දෙයක් තියෙන්න අරින්නෙත් නෑ..

:       0       102

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17794 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site