IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙළෙඳපොළේ වාහන මිල ඉහළ යෑමේ අවදානමක්

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආනයනය කර ඇති වාහන 500 ක් රේගුවේ රඳවාගෙන

සිරවී තිබෙන වාහනවලට නැව් ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවලා. නිදහස් කිරීමෙන් පසු එම මුදලද වාහන ආනයනය කිරීමේ පිරිවැයට

ජපාන බැංකු ශ්‍රී ලංකාවේ ණයවර ලිපි සමග ගනුදෙනු කිරීමට දක්වන්නේ අඩු කැමැත්තක්

ගැටලු‍වට ප්‍රයෝගිකව විසඳුමක් දෙන ලෙස ජනාධිපතිටත් ඉල්ලීම්


විමුක්ති එස් රුද්‍රිගු


රේගුවේ සිරවී තිබීමෙන් වෙළෙඳපොළේ වාහන සැපයුම පහළ බසින බවත් ඒ හේතුවෙන් වෙළෙඳපොළේ තිබෙන වාහනවල මිල ඉහළ යෑමේ අවදානමක් තිබෙන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එය බලපාන්නේ මෙරට පාරිභෝගිකයන්ට බවත් ඒ හේතුවෙන් මෙම ගැටලු‍වට ප්‍රයෝගිකව විසඳුමක් දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවැසුවේය. රේගුවේ වාහන සිරවීමෙන් බොහෝ පිරිසක් මේ වනවිට අමාරුවේ වැටී තිබෙන බවත් ඇතැම් වාහනවල ණයවර ලිපි සඳහා මුදල් ගෙවා අවසන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

සිරවී තිබෙන වාහන සඳහා නැව් ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවා තිබෙන බවත් නිදහස් කිරීමෙන් පසු එම මුදලද වාහනයේ ආනයනය කිරීමේ පිරිවැයට එකතු වන බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආනයනය කර ඇති වාහන 500 ක පමණ රේගුව විසින් රඳවාගෙන සිටින බවත් මැයි 27 වැනිදා සිට මේ වන තෙක් එම වාහන කිසිවක් මුදාහැර නොමැති බවත් එම සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

අදාළ පාර්ශ්ව සියල්ලටම ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කතා කර තිබෙන බවත් මෙම වාහනවල කිසිම ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු පැවැසුවේය.

වර්තමානයේදී වාහන පමණක් නොව අනෙකුත් භාණ්ඩ බොහොමයක්ද ලංකාවට පැමිණෙන්නේ මේ ආකාරයෙන් බවත් බොහෝ මහා පරිමාණ සැපයුම්කරුවන් සිටින්නේ ඩුබායි නගරයේ සහ සිංගප්පූරුවේ බවත් ඔහු ප්‍රකාශ කළේය.
වාහන අපනයනය කරන බොහෝ මහා පරිමාණ සැපයුම්කරුවන් සිටින්නේ ඩුබායි නගරයේ සහ සිංගප්පූරු වැනි රටවල බව ඔහු පැවැසුවේය. එම සැපයුම්කරුවන් ජපානය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි රටවලින් වාහන මිලදීගෙන ඇණවුම් කර ඇති රටට නැවුගත කරන බව ඔහු ප්‍රකාශ කළේය. එහිදී ණයවර ලිපිය විවෘත කරන්නේ සැපයුම්කරු සිටින රටේ බව ඔහු පැවැසුවේය.
ජපානය ණයවර ලිපි සංකල්පයට වැඩි කැමැත්තක් නොදක්වන බවත් විශාල ලිපිගොනු ප්‍රමාණයක් එයට අවශ්‍ය වීම ඊට හේතුව බවත් ඔහු ප්‍රකාශ කළේය. ජපාන බැංකු ශ්‍රී ලංකාවේ ණයවර ලිපි සමග ගනුදෙනු කිරීමට දක්වන්නේ අඩු කැමැත්තක් බවත් ඔහු ප්‍රකාශ කළේය. කොවිඞ් වසංගතය කළේ යවපු ණයවර ලිපි එවකට රජය අවලංගු කළ බවත් ඇතැම් වාහන නැවත හරවා යවන ලෙස එවකට රජය උපදෙස් ලබාදුන් බවත් ඔහු පැවැසුවේය.
ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාව වගේ රටවල මෙරට ණයවර ලිපි පිළිනොගන්නා බවත් ඒ හේතුවෙන් තෙවැනි පාර්ශ්වයක බැංකුවක ණයවර ලිපි විවෘත කර මෙරටට වාහන ආනයනය කිරීමට ආනයනකරුවන්ට සිදුවී තිබෙන බවත් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය. ආනයනකරුවන් එලෙස ගෙන්වන වාහනවලටද ගෙවන්නේ මෙරට නියමිත බද්ද බවද ඔහු පැවැසුවේය.
තෙවැනි පාර්ශ්වයේ රටවල ණයවර ලිපි විවෘත කර ගෙන්වන වාහනවලටද මෙරටට වාහන ආනයනය කිරීමේදී අවශ්‍යවන සියලු‍ම ලියකියවිලි තිබෙන බවද රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය. 2013 වසරේ ගැසට් පත්‍රයක් පදනම් කර ගනිමින් තෙවැනි පාර්ශ්වයේ බැංකුවක ණයවර ලිපි විවෘත කර මෙරටට ගෙන්වා ඇති වාහන රේගුව මෙලෙස පසුගිය මැයි 27 වැනිදා සිට මුදා හැරීම අත්හිටුවා තිබෙන බවත් නමුත් මෙතෙක් මේ ආකාරයෙන් වාහන දහස් ගණනක් මෙරටට පැමිණ තිබෙන බවත් ඔහු පැවැසුවේය.
පසුගිය පෙබරවාරියේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මෙලෙස වාහන 400 ක් පමණ රට තුළට පැමිණ තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. වාහන ආනයනය කිරීමේදී මෙවැනි වෙනසක් සිදුවන බවට ආනයන හා අපනයන පාලක ජනරාල්වරිය වාහන ආනයනකරුවන් කිසිම දැනුම්දීමක් කර නොමැති බවත් මෙරට බැංකුද ණයවර ලිපි සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් කර නොමැති බවත් රුද්‍රිගු මහතා පැවැසුවේය.
බැංකුවලින් ගෙන්වූ වාහනවලට අදාළ ලියකියවිලිද මුදාහැර අවසන් බවත් රඳවා තබාගෙන සිටින ඇතැම් වාහනවලට බදුපවා ගෙවා අවසන් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ ඔක්කොම කිරීමෙන් පසුව වාහන ගෙන්වා තිබෙන්නේ නිවැරදි ආකාරයට නොවේ යැයි රේගුව පවසන බව ඔහු පැවැසුවේය.
එවන් තත්වයක් තුළ බොහෝ ආනයනකරුවන් අසීරුතාවට පත්වී තිබෙන බව ඔහු පැවැසුවේය. පරිපාලනමය වැරැද්දක් වාහන ආනයනකරුවන් පිටින් ගොස් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

වෙළෙඳපොළේ වාහන මිල ඉහළ යෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site