මෙම සතිය ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙදපොළ දෛනික ගනුදෙනු ශීඝ්‍රයෙන් වර්ධනය වන පියවර තරමක් සීමාවීමට ඉඩ තිබේ. ලැයිස්තුගත සමාගම් විසි දෙකක කොටස් මිල සති පනස් දෙකක් තුළ ඉහළම අගයට පත්ව ඇති අතර මෙම ප්‍රවණතාව සුළු වශයෙන් වෙනස්වන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය.
මෙම වසරේ පෙබරවාරි 25 වැනි දා කොටස් වෙළෙදපොළ සියලු කොටස් මිල දර්ශකය 16,500 ඉක්මවූ අතර දැනට පවතින මිලදී ගැනීමේ උන්නදුව පවත්වාගැනීමට සමත්වුවහොත් එම අගය පසුකිරීමට කඩිනම් අවස්ථාවක් ලැබෙනු ඇත. මේ අතර ඒෂියා ඇසෙස්ට් කොටසක් සඳහා ශත හැත්තෑවක ලාභාංශ ප්‍රකාශයට පත් කොට තිබේ. කලම්බු ඉන්වෙස්ට්මන් ට්‍රස්ට් කොටසකට රු. 1.50 ක් හා කලම්බු පෝට් ඉන්වෙස්ට් සමාගම ද කොටසකට රු. 1.50 ක් වශයෙන් ලාංභාශ තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඉකුත් සිකුරාදා (මැයි 16) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,379.39 ක් වු අතර එය දර්ශක 64.60 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,820.67 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 25.04 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 22,282 ක් වාර්තා වූ අතර සමාගම් 134 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 57 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,114.20 කි.
ජෝන් කීල්ස් හෝල්ඩිං රු. මිලියන 210 ක, සම්පත් රු. මිලියන 124 ක, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 102 ක, ආගරපතන වැවිලි රු. මිලියන 93 ක, වටවල වැවිලි රු. මිලියන 87 ක, ජොන් කීල්ස් හොටෙල් රු. මිලියන 86 ක, ඩයලොග් රු. මිලියන 82 ක, පෑන් ඒෂියාය බැංකුව රු. මිලියන 75 ක සහ ලජකා ක්‍රෙඩි ට්ඇන්ඩ් බිස්නස් රු. මිලියන 75 ක වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳපොළ වර්ධනය ලිහිල් විය හැකි වාතාවරණයක්