IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෙළෙඳපොළ අවිනිශ්චිත කළ ඉන්ධන මිල


ඉන්ධන මිල ගණන් සංශෝධනය මෙරට ආර්ථිකයට ඇති කරන බලපෑම කෙරෙහි ආයෝජන අංශ අවධානයක පසුවේ. ඩීසල්, පෙට්‍රල්  සහ භූමිතෙල්  මිල සංශෝධනය පිරිවැය ඉහළ නංවන සාධකයකි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සලකා බලන පසු  බැරලයක මිල (බොර තෙල්) ඇ.ඩො. 65.24කි. ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවැති යුද තත්වය සමග ඉහළගිය මිල නැවත පහළ වැටී තිබේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග මාස දෙකකට වැඩි කාලයක් සඳහා පවතින බව ප්‍රකාශ කර තිබියදී මෙරට බහුලව අලෙවි වන අත්‍යවශ්‍ය ඉන්ධන වර්ගවල මිල වැඩිවීම ගැටලුවකි.

 ඊයේ (ජුලි 01) ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,034,02 කි. කලින් දිනයට සාපේක්ෂව දර්ශක 7.30 කින් ඉහළ ගොස් තිබේ. එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය 5355.68ක් වූ අතර එය දර්ශක 3.12කින් ඉහළ ගියේය. දෛනික පිරිවැටුම රු. බිලියන 7,641.79ක් විය. කොටස් මිලියන 679ක් හුවමාරු වී තිබේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 31,598කි. සමාගම් 105ක කොටස් මිල පහත වැටිණ.

සිංගර් ශ්‍රී ලංකා ශත තිස් දෙකක ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කරයි. හේලිස් පැබ්රික් ශත විසි පහක, හැටන් වැවිලි රුපියලක, වැලිබල් වන් රු. තුනක, තෝකියෝ සිමෙන්ති රු. 2.25ක, සතොස මෝටර්ස් රු. 10 ක සර්වෝදය ඩිවෙලප්මන්ට් රු. 1.25ක, ලංකා කෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ශත විසිපහක වශයෙන් ලාභාංශ ප්‍රකාශයට පත් කොට තිබේ.

නිරීක්ෂක



අදහස් (0)

වෙළෙඳපොළ අවිනිශ්චිත කළ ඉන්ධන මිල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site