IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෙළෙඳපොළ අලුත් හුස්මකට අවස්ථාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ දිග නිවාඩු කාලයකට පසු අද ගනුදෙනු සඳහා විවෘත වේ. ආයෝජකයන් අලුත් ජවයකින් හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන සිටින රාමුවෙන් ඉවත්වීමට ආණ්ඩුව සූදානම් නැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනයක් කරා ගමන් කරනු ඇති බව විශ්වාස කළ හැකි තත්වයක ආයෝජකයන් පසුවන බව පෙනේ. ලෝක බැංකුව වසර හතරක් සඳහා අලුත් සම්බන්ධතාවක් ඇති කරගෙන තිබේ. එහිදී දුප්පත්කම අවම කරන අතර ස්ථාවර ආර්ථික වර්ධනයක් සඳහා වූ ව්‍යාපෘති සඳහා ආධාර සපයන්නට එකඟ වී තිබීම වාසිදායක බව ගනුදෙනුකරුවන් කල්පනා කරනු ඇත.

මෙදින ගනුදෙනුවලදී මිල දී ගැනීම් සඳහා උනන්දුවක් තිබිය හැකිය. කෙසේ වෙතත් අලුතින් නිකුත් වන ණයකර ගැන ද වෙළෙඳපොළ හැසිරීම අවනත විය හැකිය. ලංකා බැංකුව, ෆස්ට් කැපිටල් සහ මර්චන්ට් බෑංක් ඔෆ් ශ්‍රී ලංකා ණයකර සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් ඇතිවන බව අපේක්ෂා කෙරේ. 

කෙසේ වෙතත් ඉකුත් සිකුරාදා (මැයි 09) ගනුදෙනු අවසානයේදී වෙළෙඳපොළ මිශ්‍ර ස්වභාවයකින් අවසන් විය. සියලු කොටස් මිල සුළු වශයෙන් පහත වැටුණු අතර ඉහළ ඉල්ලුමක් සහිත සමාගම්වල එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය වර්ධනය විය. මෙම සතිය තුළ මිල දී ගැනීමේ ප්‍රවණතාව පැවැතිය හැකි බව ආයෝජන උපදේශකයෝ දක්වති. විනිමය අනුපාතිකය සලකා බලන පසු රුපියල ක්‍රමයෙන් අවප්‍රමාණය වෙමින් පවතින අතර එය විදේශීය ආයෝජකයන්ට වාසිදායක තත්වයකි. 

කලින් දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,916.17 ක් වූ අතර එය දර්ශක 9.75 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,657.80 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 2.65 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 13,749 ක් වාර්තා වූ අතර සමාගම් 109 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 105 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,545.27 කි. විදේශීය ආයෝජකයන් එදින රු. මිලියන 106.3 ක කොටස් මිල දී ගත් අතර විකිණීම් රු. මිලියන 105.4 කි. සුළු වශයෙන් මිල දී ගැනීමේ අවශ්‍යතාව දියුණු වී තිබුණි. 

නිරීක්ෂක



අදහස් (0)

වෙළෙඳපොළ අලුත් හුස්මකට අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site