කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (ජුලි 15) මධ්‍යහ්නයවන විට තියුණු බිඳවැටීමක් පෙන්නුම් කරන ලද නමුත් අවසානයේ දී කලින් දිනයේ දී නතර කරන ලද ස්ථානයෙන් එපිට දර්ශක කරා ඉල්පීමක් පෙන්නුම් කළේය. මෙරට ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය අලුත්ම වාර්තාගත අගයක් කරා ළඟාවීමට දර්ශක 54ක් මෙපිටින් නතර වූ අතර අද දිනයේ ගනුදෙනු සඳහා දක්වන සක්‍රීයභාවය අනුව ඉදිරියට ගමන් කිරීම තීරණය වනු ඇත.
දිනයේ ගනුදෙනුවල දී කොටස් විකිණීමට ප්‍රයත්න දරන ලද අතර ලාබ උපයාගත් බැවින් අද දිනයේ දී තව දුරටත් මිල දී ගැනීමේ ප්‍රවණතාවක් අපේක්ෂා කළ හැකිවේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,946.27 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 107.88 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,700.45 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 71.83 ක වර්ධනයක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 9.10 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 51,005 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 276.9 ක් විය. සමාගම් 126 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 119 කි. විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 96.4 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 1,320.3 කි. රටට අහිමි වූ ධනය රුපියල් මිලියන 1,224 ක් බව සඳහන් කළ හැකිය. සෙංකඩගල ෆිනෑන්ස් කොටසකට රුපියල් 2.80 ක ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆයිනෑන්ස් රුපියල් මිලියන තිහක ණයකරයක් නිකුත් කොට ඇත. විදේශීය ආයෝජන අංශ කොටස් විකුණා දමන අතර දේශීය මිල දී ගැනීම් ඉහළ යන බවක් මෙම දිනවල නිරීක්ෂණය කළ හැකිවේ.
ජෝන් කීල්ස් රුපියල් මිලියන 895 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 559 ක්, ඕවර්සිස් රියැලිටි රුපියල් මිලියන 431 ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 346 ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 294 ක්, ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 279 ක්, හේලීස් රුපියල් මිලියන 276 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
560
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳපොළ අලුත් වාර්තාවක් සලකුණු කරන දිනයක්