IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වාහන අනතුරු අලු‍ත්වැඩියා සේවා ඉහළ නැංවීමට AMW Orient Insurance එක් වෙයි


ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයකු සහ විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki  වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, ප්‍රමුඛ පෙළේ රක්ෂණ සැපයුම්කරුවකු වන Orient Insurance  සමාගම සමග පසුගිය දා අවබෝධතා ගිවිසුමක්  (MoU)  අත්සන් කළේය. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව දිවයින පුරා රක්ෂණ ගනුදෙනුකරුවන්ගේ  අනතුරුවලට ලක් වූ වාහන අලු‍ත්වැඩියා කිරීම නවමු මුහුණුවරකින් ගෙන ඒමට සැලසුම් කර ඇත.

මෑතකදී සිදු කරන ලද ආනයන නියාමන ලිහිල් කිරීමත් සමඟ, මෝටර් රථ කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමටAMW සමාගම  සූදානම් වේ. සමාගම දැනටමත් Nissan, Suzuki සහ Renault වැනි නවතම සහ රීකන්ඩිෂන් කරන ලද වාහනවල ප්‍රමුඛ කොටසක් දරයි. එසේම සියලු‍ම වාහන සඳහා අසමසම සහයෝගයක් ලබා දෙමින්, විකුණුම් සහ අලෙවියෙන් පසු සේවාවල ප්‍රමුඛත්වය පවත්වා ගනිමින්, ලංකාවට වාහන ආනයනය සඳහා සහාය වීම සඳහා AMW ක්‍රියාකාරීව නැවත ස්ථානගත වෙමින් සිටියි.

මෙම ඇතුළත් ප්‍රවේශය AMW සමාගමේ සේවා දර්ශනයේ කේන්ද්‍රස්ථානයයි. AMWහි පසු අලෙවි සේවා අධ්‍යක්ෂ, චමින්ද වනිගරත්න මහතා  මෙසේ පැවසීය. AMW හිදී අපි නවතම සහ රීකන්ඩිෂන් ඒකක අතර වෙනස්කම් සිදු නොකරමින් සියලු‍මSuzuki සහ Nissan වාහන සඳහා සේවා සපයනවා. සෑම වාහන හිමිකරුවකුටම නිෂ්පාදක මට්ටමේ විශේෂඥතාව සහ සහයෝගය ලැබිය යුතු අතර, එය දිවයින පුරා සැපයීමට අපි කැප වී සිටිනවා.”‍ 

AMW හි අලෙවියෙන් පසු සේවා අංශය, වර්තමානයේ වාහන 200,000කට වැඩි ගණනකට සහාය වීම සඳහා එහි තාක්ෂණික විශේෂඥතාව,  අමතර කොටස් සැපයුම සහ රට පුරා සේවා සැපයීම පුළුල් කරමින් සිටියි. ඔවුන්ගේ වැඩිදියුණු කරන ලද බොඩි ෂොප් පහසුකම්, නිෂ්පාදක ප්‍රමිතිවලට අනුව අලු‍ත්වැඩියා සිදු කිරීම සහතික කිරීම සඳහා උසස් තාක්ෂණය සහ උපකරණවලින් නවීකරණය කර ඇත. AMW එහි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබිඹු කරමින් දැරිය හැකි මිලකට අව්‍යාජ අමතර කොටස් සපයයි.



අදහස් (0)

වාහන අනතුරු අලු‍ත්වැඩියා සේවා ඉහළ නැංවීමට AMW Orient Insurance එක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site