( ජුඩ් සමන්ත)
කඩුපිටිඔය පිටාර ගලා යාම හේතුවෙන් තොඩුවාව සහ ඉරණවිල ප්‍රදේශ වල පිහිටි ඉස්සන් ගොවිපල විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ගිය අතර, මෙම හේතුව නිසා රුපියල් ලක්ෂ 1200 ක පමණ අලාභයක් සිදු වී ඇතැයි ඉන්සන් ව්‍යාපාරිකයෝ පවසති.
පසුගිය දිනවල ඇති වූ අධික වැසි හේතුවෙන් කඩුපිටිඔය ආසන්නයෙන් පවත්වා ගෙන ගිය ඉස්සන් ගොවිපල රැසක් මෙම ජලයෙන් යටවී ගොස් විනාශව ඇත.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඉස්සන් වගා කටයුතු සිදු කරනු ලබන්නේ කලාප ක්‍රමයටය.එසේ වගා කරන ලද ඉස්සන් අපනයනය කිරීම සදහා අස්වැන්න නෙලා ගැනීමට තවත් ඉතිරිව තිබී ඇත්තේ දින කීපයක් පමණි.
ගොවිපල වල සිටි ඉස්සන් ග්‍රෑම් 28 - 30 බර ප්‍රමාණයේ පසුවූ බව ඉස්සන් ව්‍යාපාරිකයෝ ස ඳහන් කරති.
හදිසියේ ඇති වූ ගංවතුර හේතුවෙන් කඩුපිටිඔය පිටාර ගලා ගොස් ඉස්සන් ගොවිපල තුළට ජලය ගලා එන්නට පටන් ගෙන ඇත.
අක්කරයක් විශාල පොකුණු 107 ක් ගංවතුර තත්ත්වයට බිලි වූ බවත්,එම පොකුණු වල සිටි ඉස්සන් ජලයේ ගසා ගෙන යාමෙන් සිදුවී ඇති අලාභය පමණක් රුපියල් ලක්ෂ 1200 ක් බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැස්සෙන් පුත්තලමේ ඉස්සන් වගාවට හානි