IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 29ක විශ්වාසය සමරන පීපල්ස් ලීසිං

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං හි 29 වැනි සංවත්සරය 2025 මැයි මස 31 වැනි දිනට යෙදී තිබේ. 1996 පෙරෙගමන් ඇරඹූ පීපල්ස් ලීසිං, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය හා නව්‍යකරණයෙන් බලගැන්වී ඇති මූල්‍ය සමාගමක් බවට මේ වන විට පත්වී ඇත.

දශක තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව ක්‍ෂෙත්‍ර ගණනාවක විවිධ පුද්ගලයන් හා ව්‍යාපාර සවිබල ගැන්වීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් පීපල්ස් ලීසිං සමාගම විසින් සපයා දී ඇත. ලීසිං පහසුකම් ලබා දීමේ සිට මූල්‍යමය ණය, ස්ථාවර තැන්පතු, ඉස්ලාමීය මූල්‍ය සේවා සහ ඩිජිටල් බැංකු නවෝත්පාදන පහසුකම් ලබාදීම දක්වා පීපල්ස් ලීසිං ආයතනයේ ආයෝජන කලඹ පුළුල් පරාසයකට මේ වනවිට ගෙනගොස් ඇත. 
29 වැනි සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති මහාචාර්ය අජන්ත සමරකෝන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවට වසර 29ක් පූරාවට මූල්‍ය පහසුකම් සපයමින් මූල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් බවට පත් වීම පිළිබඳව ඉමහත් ආඩම්බර වන බවත්, මෙම සංධිස්ථානය අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයත්, අපගේ සේවකයන්ගේ කැපවීම සහ අපගේ වටිනාකම්වල ශක්තිය පිළිබඳව ඇති ස්ථාවරත්වයත් පිළිබිඹු වන බවයි. 
පීපල්ස් ලීසිං සමාගම අනාගතය දෙස බලන විට විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැපවී සිටින බව ඔහු තවදුරටත් කියා සිටියේය.
පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ කියා සිටියේ යග 29 වසරක නොසැලෙන සේවාවක් සිහිපත් කරන මෙම අවස්ථාවේ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට සිටින ස්ථානය පිළිබඳව ඉමහත් සතුටු වනවා. මෙම සංධිස්ථානය අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය සහ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීමත් පිළිබිබු වනවා. පීපල්ස් ලීසිං සමාගම සෑමවිටම අපගේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන වර්ධනය වී, අනුගත වී හා නවෝත්පාදනය වී සිටිනවා. එසේම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වගකීම් සහිත ඉදිරි දැක්මක් ඇති පහසුවෙන් ළඟා විය හැකි මූල්‍යමය විසදුම්වලින් බලගැන්වීමට කැපවීම සිටිනවා.
පීපල්ස් ලීසින් සමාගමේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ ශක්තිමත් නායකත්වය, ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් වටිනාකම් සහ ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ස්ථාවර රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව සමඟ ඇති සම්බන්ධතාවයි. මෙම සහජීවනයෙන් ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනිමින් සහ තාක්ෂණික පරිවර්තන වැළඳ ගනිමින් ආයතනයේ පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවයක් ලබාදීමට හැකියාව ලැබී ඇත.



අදහස් (0)

වසර 29ක විශ්වාසය සමරන පීපල්ස් ලීසිං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site