
මෙරට පරිගණක සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Myitem.lk BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ටී.ඒ. ඉෂාන් රවීන්ද්‍ර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
මාර්ගගත අලෙවිසැලක් ලෙස ඇරැඹුණු Myitem.lk පළමු ප්‍රදර්ශනාගාරය 2018 නොවැම්බර් 15 මහරගමදී විවෘත විය. ආරම්භයේදී එක් අයකු පමණක් සේවය කළ එහි වර්තමාන කාර්ය මණ්ඩලය 22කි. ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වීමට ඔවුන්ට හැකි විය.
Computersotre.lk සහ Maxcore PC අයත් සමාගම් සමූහයට Myitem.lk ඇතුළත් වේ. අතරමැදි පාර්ශ්වවල මැදිහත්වීමකින් තොරව ඉහළ ප්‍රමිතියෙන් යුතු පරිගණක සහ උපාංග ආනයනය කරන එම සමාගම තරගකාරී මිලට නිෂ්පාදන මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා කරයි. එම සමාගම පෞද්ගලික සහ ආයතනික යන අංශ දෙකටම අයත් පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරයි. හේලීස්, ඩර්ඩන්ස් රෝහල, LCBL ෆයිනෑන්ස්, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්, කොනෙක්ස් ඉන්ෆොර්මේෂන් ටෙක්නොලොජීස්, සිද්ධාලේප ඔවුන් සේවා සපයන ප්‍රමුඛ සමාගම් අතරින් කිහිපයකි. Myitem.lk නිෂ්පාදන පරාසයට නවතම සහ භාවිත කළ ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ක්‍රීඩා පරිගණක, මොනිටර්, RAM, දත්ත ගබඩා උපාංග, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු නිෂ්පාදන රැසක් අයත් වේ. පරිශීලනයට ඉතා පහසු ලෙස සැකැසූ Myitem.lk වෙබ් අඩවිය ඔස්සේ ඉහත නිෂ්පාදන මිල දී ගත හැකිය. ඔවුන්ගේ පාරිභෝගික සේවා අංශය පැය 24 පුරා ක්‍රියාත්මක වේ. ගුණාත්මකභාවය සහ පාරිභෝගික වටිනාකම් වෙනුවෙන් කැප වූ Myitem.lk සුරක්ෂිත මාර්ගගත ගෙවීම් පහසුකම්ද සලසා ඇත. සෑම නිෂ්පාදනයකටම වගකීම් සහතිකයක් සපයන අතර පාරිභෝගිකයන්ට ඉතා කාර්යක්ෂම පසු විකුණුම් සේවාවක් සපයයි.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා Myitem.lk