කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමන ලද්දේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපය තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත ය.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට වැඩිම ණය සම්පාදනය කරන බැංකුව වන කොමර්ෂල් බැංකු සමූහය2023 දෙසැම්බර් 31අවසන් වූ වසර සඳහා රුපියල් ට්‍රිලියන2.656 ක වත්කම්,රුපියල් ට්‍රිලියන2.148ක තැන්පතු, රුපියල් ට්‍රිලියන1.296 ක ණය කළඹක් සහ රුපියල් බිලියන 341.566ක දළ ආදායමක් වාර්තා කරන ලදි.
මහජනතාවගේ දෛනික ජීවිතයේදී බැංකුව ඉටුකරන කාර්යභාරයේ වැදගත්කම මහජනතාවගේ ඇගයීමට ලක් වීම, සියලු ම පාරිභෝගික කොටස්වලට අදාළ සහ ප්‍රවේශ විය හැකි නව්‍ය තාක්ෂණය පදනම් කරගත් සේවා සමඟින් ඔවුන්ගේ අත්දැකීම් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට දක්වන නොපසුබට උත්සාහය හා පාරිභෝගිකයන්ට මෙන්ම විශාල ප්‍රජාවට තිරසාරභාවය තුළින් නොසැලෙන අවධානයක් හරහා ප්‍රත්‍යක්ෂ වෙනසක්ඇතිකිරීමට කරනු ලබන කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු වන බව බැංකුව පවසයි.
බහු භාෂා මඟින් කරන අලෙවිකරණ වැඩසටහන්, ජාතික මට්ටමේ වැසටහන් සඳහා අනුග්‍රහය ලබා දීම සහ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන්වල පුරෝගාමීව කටයුතු කිරීමෙන් සියලු ම ප්‍රජාව සඳහා බැංකුවේ කැපවීම පැහැදිලිවේ.
-595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්