IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වසරේ පළමු අර්ධයේ රජයේ බදු ආදායමේ සියයට 24.7 ක වර්ධනයක්

පළමු මාස 6 දී රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.2 ක්

පළමු මාස 6දී රජයේ වියදම රුපියල් ට්‍රිලියන 2.5 ක්

බදු නොවන ආදායමද සියයට 12 කින් වර්ධනය වෙලා

පළමු භාගයේදී රජයේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 223.9 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 6 දී රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.2 ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 24.7 ක වර්ධනයක් බවත් මුදල් අමාත්‍යාංශයේ තාවකාලික නිල දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පළමු භාගයේදී රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.8 ක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

එසේම පළමු මාස 6දී රජයේ වියදම රුපියල් ට්‍රිලියන 2.5 ක් බවත් පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවල සඳහන් වේ. පසුගිය වසරේ පළමු භාගයේදී රජයේ වියදම රුපියල් ට්‍රිලියන 2.2 ක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. මෙම වසරේ අයවැයෙන් රජයේ වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 5.8 වෙන්වී තිබෙන බවද එම දත්ත වාර්තාවල සඳහන් වේ.

රජයේ බදු නොවන ආදායමද මෙම වසරේ පළමු මාස 6ට සාපේක්ෂව පසුගිය වසරේ පළමු භාගයේදී සියයට 12 කින් වර්ධනය වී ඇති බවත් මෙම වසරේ පළමු භාගයේදී රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 169.6 ක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.මෙම වසරේ පළමු භාගයේදී රජයේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 223.9 ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 9 ක පහළ යාමක් බවත් එම දත්ත වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

වසරේ පළමු අර්ධයේ රජයේ බදු ආදායමේ සියයට 24.7 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site