IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වසර දෙකක් ඇතුළත ලුණු ආනයනය නවතයි

(රොමේෂ් මධුෂංඛ)

ඉදිරි වසර දෙකක කාලය තුළ දි ලුණු ආනයනය කිරීම නවතා දමා රටටම අවශ්‍ය තරමට ලුණූ ලබා දීමට අලිමංකඩ හා මන්නාරම ලුණු ලේවායන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) මන්නාරම මාන්තෙයි ලුණු කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා සහභාගී වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

“යුද සමයේ වසා දමා තිබු අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව හා මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව සංවර්ධනය කර සැලකිය යුතු ලුණු නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ වගේම මෙම ලුණු ලේවායන් සංවර්ධනය කර  ලුණු නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හරහා ලුණු අපනයනය නවතා දැමීමට හැකියාව ලැබෙනවා. මෙමගින් විශාල පිරිසකට රැකියා අවස්ථාද හිමි වෙනවා.

2017 වසරේ මේ දක්වා කාලය තුළ මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව තුළින් ලුණු ටොන් 6000 ක් හා අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවෙන් ලුණු ටොන් 5000 ක් ද නිෂ්පාදනය කරලා තියෙනවා. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (5)

වසර දෙකක් ඇතුළත ලුණු ආනයනය නවතයි

perakum Sunday, 17 September 2017 08:24 AM

අපි ඉස්කෝලේ යන කාලේ අපිට ඕනෑවටත් වඩා ලුණු තිබුණනේ...! කවද ඉඳන්ද ආනයනය කරන්න පටන් ගත්තේ? අනේ අපේ කර්මාන්ත වලට යන කල...!

:       0       57

Don Sunday, 17 September 2017 09:17 AM

රට වටේම මුහුද සහ ලුණු නිෂ්පාදනයට ඉතාමත්ම සුදුසු කාලගුණය සහ ඉඩම් තියෙන රටක් වෙලත්, හිතාගන්නත් බැරි තරමේ සුළු වියදමකින් නිපදවාගන්න පුළුවන්කම තිබිලත්, අඩුම තරමේ රටේ අවශ්‍යතාවයට ඕනෑ කරන ලුණු ටිකවත් තවම අපේ රටට නිපදවාගන්න බැහැ. කරවල වලටත් මේ කතාව තමයි කියන්න තියෙන්නේ.. තව මොන කතාද?... සුද්දා මේ රට පාලනය කළානම් අද වෙනකොට සිලෝන් ලුණුයි, කරවලයි ලෝකෙටම බෙදන රටක් බවට පත්කරලා ..

:       2       170

vajira Sunday, 17 September 2017 10:46 AM

රට වටේට සාගරය නමුත් රටින් ලුණු ගේනවා. හිනා වෙන්නද අඬන්නද මේවට? ලොකු ලොකු ප්‍රොජෙක්ට් ගැන කියලා මිනිස්සු අඬන්නේ නැතුව අඩුම තරමේ රටට අවශ්‍ය ලුණු ටිකවත් හදන්නකෝ !!!

:       0       140

himal Sunday, 17 September 2017 02:26 PM

මුහුද තියෙන හැම තැනින්ම ලුණු නිෂ්පාදනය කරන්න බෑ. ඒකට වසර පුරාම හිරු එළිය අඛණ්ඩව ලැබෙන්න ඕන වගේම වර්ෂාව අවම මට්ටමක තියෙන්න ඕනෑ. ඒ වගේම යම් රටකට යම් දෙයක් ආනයනය කරන්නේ ඒ රටේ ඒ දේ නිපදවන්න බැරි කමකට නෙවෙයි. ලංකාවට ඉන්දියාවෙන් ගෙන්වන ලුණු, ලංකාවේ ලුණු වලට වඩා අඩු මිලකට වෙළෙඳසැල්වල තියෙනවා. පහුගිය කාලේ ලංකාවේ ලුණු ලේවායන්හි මෙහෙයුම් අඩපණ වෙලා තිබ්බ නිසා විදේශීය ලුණු ලංකාවට එන්න හොඳ පසු බිමක් හැදුනා.

:       0       37

de silva Sunday, 17 September 2017 03:04 PM

පසුගිය කාලයේ පත්වුණු බොහෝ දේශපාලකයෝ බැලුවේ මොන කුණුගොඩක් හෝ පිටරටින් ගෙන්වා කොමිස් ගහන්න. එ්ක නිසා කර්මාන්ත ගියේ වල පල්ලටයි.

:       102       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17743 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site