IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විසිතුන් වැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව කොමර්ෂල්

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් පෙර නොවූ විරූ ලෙස 23 වැනි වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත.
ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න ගණනක මූල්‍ය ආයතන ඇතුලත් වන අතර එම සඟරාව විසින් ඒ ඒ රටවල්වල හොඳම බැංකු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ග්ලෝබල් ෆයිනෑන්ස් හි ලොව හොඳම බැංකු 2025 වෙළුම මගින් කොමර්ෂල් බැංකුව සමඟ ඒ ඒ රටවල්වල හොඳම බැංකු ලෙස නම් කර ඇති අනෙකුත් බැංකු අතර CBA බැංකුව (ඕස්ට්‍රේලියාව), චයිනා කන්ස්ට්‍රක්ෂන් බැංකුව (චීනය), HSBC බැංකුව (හොංකොං), ANZ බැංකුව (නවසීලන්තය), DBS බැංකුව (සිංගප්පූරුව), SMBC බැංකුව (ජපානය), ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා (ඉන්දියාව), City බැංකුව (බංගලාදේශය) සහ CTBC බැංකුව (තායිවානය) විය.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. “නිමා වූ මූල්‍ය වර්ෂය කොමර්ෂල් බැංකුවට අසමසම සන්ධිස්ථාන රැසක් සමඟින් පරිවර්තනීය සාර්ථකත්වයක් අත්පත් කරදුන් වසරක්. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අනෙකුත් සමාජ හා දේශපාලන අභියෝග සම්බන්ධයෙන් ද එය විශේෂිත වූ වසරක්. බැංකුව අති සාර්ථක හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 22.54 ක් රැස් කළ අතර කැපී පෙනෙන ණයකර නිකුතුවක් ද කළමනාකරණය කළේය. තවද, අපගේ විශිෂ්ට මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව හා වෙළෙදපොළ විශ්වාසය ද එම වසරේ ප්‍රදර්ශණය විය. බැංකුව මෙම වසර තුළදී ජාත්‍යන්තර හා දේශීය සම්මාන 115ක් හිමිකරගත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කාන්තා ව්‍යවසායකයන්ට උපකාර කිරීම සඳහා මෙන්ම තිරසාරභාවය, ඩිජිටල්කරණය වෙනුවෙන් දියත් කළ මුලපිරීම් හරහා නව මානයන් විවර කරමිනි. එබැවින් අපි නැවත වරක් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කිරුළු පැළඳීම පුදුමයක් නොවේ.”
2025 ඔක්තෝබර් 18 වැනි දින වොෂින්ටන් ඩීසී හි දී පැවැත්වෙන IMF හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර පැවැත්වෙන සම්මාන උළෙලේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් හි හොඳම බැංකු ගෞරව ලැබීමට නියමිතය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙදපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙදපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

 



අදහස් (0)

විසිතුන් වැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site