IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ Russel’s කාර්ය මණ්ඩලය ඇගයේ

ඔක්තෝබර් මාසය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ Russel’s සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීම පසුගියදා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැලකිල්ලට ගනු ලැබීය. එළිමහන් කේටරින් සේවා කළමනාකරණ අංශයේ සම්පත් කුමාර මහතා විශිෂ්ටම එළිමහන් කේටරින් සේවා කළමණාකරු ලෙස සම්මාන ලැබුවේය. රේණුකා දමයන්ති මහත්මිය කැපවීම, සේවා ආචාර ධර්ම සහ අඛණ්ඩ කාර්යසාධනය වෙනුවෙන් විශිෂ්ටම කාර්ය මණ්ඩල සාමාජිකාව ලෙස සම්මාන ලැබුවාය.

AIA ආපන ශාලාවේ සේවය කරන ඔකිත පුන්තිල මහතා වඩාත්ම ආචාරශීලී කාර්ය මණ්ඩල සාමාජිකයා ලෙස සම්මාන ලැබුවේය. ඒ ඔහු සපයන ආචාරශීලී, මිත්‍රශීලී සහ වෘත්තීමය සේවාව වෙනුවෙනි. මෙහෙයුම් කටයුතුවල සාර්ථකත්ව සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන දිනේෂ් ලක්මාල් මහතා වඩාත් කාර්යක්ෂම කාර්ය මණ්ඩල සාමාජිකයා ලෙස ඇගැයීමට ලක් විය. ජූඩ් ක්‍රිශාන්ත මහතා විශිෂ්ටම ස්ටුවඩ්වරයා ලෙස සම්මාන ලැබුවේ උසස් තත්වයේ සේවාව සහ ඉහළ ප්‍රමිතිවලට අනුගත වීම වෙනුවෙනි. විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ ශර්මිලා ප්‍රනාන්දු මහත්මිය විශිෂ්ටම ස්ටුවඩ්වරිය ලෙස සම්මාන ලැබුවාය. ජයග්‍රාහක කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරමින් Russel’s  සමාගම සඳහන් කළේ විශිෂ්ට කාර්යසාධනයක් සහිත කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අඛණ්ඩව ඇගැයීමට බලාපොරොත්තු වන බවයි.



අදහස් (0)

විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ Russel’s කාර්ය මණ්ඩලය ඇගයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1133 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site