
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රසික පේදුරුආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් උරුමය සුරකිමින් ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට සැබෑ ශ්‍රී ලාංකික රසයෙන් යුතු උසස් තත්වයේ ආහාර පිළිගැන්වීමේ අරමුණෙන් 2017 දී Beliatta Exim Holdings සමාගම අරඹන ලදී. එම සමාගම කුළුබඩු වර්ග, අච්චාරු, චට්නි, සෝයාමීට්, බෝතල් කළ සම්බෝල සහ ව්‍යාංජන වර්ග, ජෑම්, රසකැවිලි, කරවල සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු බොහෝ දෑ නිපදවයි. සෑමවිටම අපනයන, නිෂ්පාදන සහ අනෙකුත් ප්‍රමිතිවලට මුල් තැන දීමෙන් සියලුම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කෙරේ. එම සමාගම උසස් තත්වයෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ආහාර වර්ග අපනයනය කරන සමාගමක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළේ ද විශේෂයෙන් ජපානයේ ද විශාල කීර්තියක් දිනා ඇත. ඔවුන්ගේ ශාඛාවක් ජපානයේ පිහිටා තිබේ.
මෙම නිෂ්පාදන Delta සන්නාමයෙන් ජපානයේ බෙදා හැරෙන අතර ජපන් ජාතිකයන්ගෙන් මෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඊට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එකිනෙකට වෙනස් සංස්කෘතිවලට අයත් ප්‍රජාව ප්‍රිය කරන රස හොඳින් හඳුනාගෙන ඇති Beliatta Exim Holdings ඉදිරියේදී දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස සිය නිෂ්පාදන පුළුල් කිරීමට සැලසුම් කර ඇත. පසුගිය කාලය පුරා අඛණ්ඩ වර්ධනයක් ලබා ඇති එම සමාගම වඩාත් ශක්තිමත් බෙදා හැරීමේ සහ ව්‍යාපාර සහකාර ජාලයක් නිර්මාණය කිරීමෙන් ගෝලීය වශයෙන් සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමට වැඩි අවධානයක් යොමු කරයි.
2025 දෙසැම්බර් මස 18
540
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා Beliatta Exim Holdings