IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැවිලි කර්මාන්තයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හදිසි අවශ්‍යතාවයක්

වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ පිට කොන්දයි

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15 කට වැවිලි කර්මාන්තයේ සහාය

තේ, පොල් සහ රබර් අපනයනයෙන් වාර්ෂිකව ඩො.බිලියනයක අපනයන ආදායමක්

1992 වසරේදී මිලියන 179 ක්වූ තේ නිෂ්පාදනය මේ වනවිට මිලියන 262 ක්

එම කාලයේදී රබර් නිෂ්පාදනය තුනෙන් එකකින් පහත වැටී පොල් නිෂ්පාදනයේ සුළු වර්ධනයක්

තේ සහ රබර් වගා කිරීමට භාවිත කර ඇති ඉඩම් ප්‍රමාණයද අඩුවෙලා

1992 වසරේදී වතු සේවකයන් ලක්ෂ තුනක් සිටියත් එම සංඛ්‍යාව වර්තමානය වනවිට ලක්ෂය දක්වා අඩුවෙලා


ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව

පහත වැටෙන නිෂ්පාදනය සහ හැකිලෙන ශ්‍රම බලකාය හමුවේ තිරසාරව පැවතීමට නම්, හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය තුළ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පසුගියදා අනතුරු ඇඟවූවේය.

වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ පිට කොන්ද බවත්, ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15 ක් සඳහා වැවිලි කර්මාන්තය සහාය සපයන බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම තේ, පොල් සහ රබර් අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් උපයන බවද ඔහු පෙන්වා දුන්නේය. 1992 වසරේදී මිලියන 179 ක්වූ තේ නිෂ්පාදනය මේ වන විට මිලියන 262 ක් දක්වා වර්ධනය වී ඇතත් එම වර්ධනය සිදුව ඇත්තේ මධ්‍යස්ථ වේගයකින් බවද හුලංගමුව මහතා අවධාරණය කළේය.

එම කාලයේදී රබර් නිෂ්පාදනය තුනෙන් එකකින් පහත වැටී ඇති බවත්, පොල් නිෂප්දනය සුළු වර්ධනයක් පමණක් පෙන්නුම් කර ඇති බවත් ඔහු පැවැසුවේය. එසේම තේ සහ රබර් වගා කිරීමට භාවිත කර ඇති ඉඩම් ප්‍රමාණයද අඩුවී ඇති බවත්, ඉන් ලැබෙන අස්වැන්නද උදාසීන වී ඇති බවත් හුලංගමුව මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැවිලිකරුවන්ගේ කැපවීම පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවත්, ප්‍රශ්නය තිබෙන්නේ වර්තමානයේ මෙරට වැවිලි කර්මාන්තය තිබෙන ස්ථානය පිළිබඳව අප සෑහීමකට පත්වනවාද යන්න පිළිබඳව බවත් ඔහු පැවැසුවේය. වැවිලි කර්මාන්තයේ සියලු‍ පහළ යෑම සැලකිල්ලට ගනිමින් ඉදිරි ගමන් මග තීරණය කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

වැවිලි කර්මාන්තය වර්තමානයේ මුහුණදෙන ප්‍රධානතම අභියෝගය නම් ශ්‍රම බළකා හිඟය බවද හුලංගමුව මහතා පෙන්වා දුන්නේය. 1992 වසරේදී වතු සේවකයන් ලක්ෂ තුනක් සිටියත්, එම සංඛ්‍යාව වර්තමානය වනවිට ලක්ෂය දක්වා අඩුවී තිබෙන බවද ඔහු පැවැසුවේය. වතු කම්කරුවන් වඩාත් හොඳ වැටුපක් තිබෙන නගරබද රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

වතු සේවකයන් ඉල්ලන වැටුප ගෙවීමට වැවිලිකරුවන්ට නොහැකි නම් ඔවුන් රැකියා හැර දමා යනු ඇතැයි ඔහු සඳහන් කළේය. එය සාමාන්‍ය කරුණක් බවත්, අභියෝගය නම් සමාගම ලාබ ලබන අතරතුර වතු සේවකයන්ට වර්තමානයට සරිලන තරගකාරී වැටුපක් ගෙවීම බවත් හුලංගමුව මහතා පැවැසුවේය.

ශ්‍රම හිඟය හමුවේ ඵලදායිතාව පවත්වා ගැනීම සඳහා ඇති එකම ශක්‍ය මාර්ගය ලෙස යාන්ත්‍රිකකරණය සහ තාක්ෂණය බවද ඔහු ප්‍රකාශ කළේය. මාතලේ, මහනුවර සහ නාවලපිටිය යන ප්‍රදේශවල රජය සතු ඌන ක්‍රියාකාරී වතු වඩාත් දක්ෂ වැවිලිකරුවන්ට බදු දීමෙන් මුදල් ඉපැයීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

සාම්ප්‍රදායික බෝගවලින් ඔබ්බට ඉඩම් විවිධාංගීකරණය කළ හැකි තැන ඉල්ලු‍ම වඩාත් ශක්තිමත් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 විදෙස් සංචිත මෙම වසර අවසාන වනවිට ඩොලර් බිලියන 7 දක්වා ඉහළ යනු ඇති බවත්, වාහන ආනයනය ඉහළ ගියද ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර මට්ටමක පවතින බවත් ඔහු පැවැසුවේය.

ආදායම ඉහළ යාමත්, ණය ගැනීම සැහැල්ලු‍ වීමත් සමග පොලී අනුපාත තවත් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ යළි ආරම්භ වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මධ්‍යම අධිවේගය පළමු කොටස සඳහා වන ගිවිසුමද මේ වනවිට අවසන් කර තිබෙන බව ඔහු පැවැසුවේය.



අදහස් (0)

වැවිලි කර්මාන්තයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හදිසි අවශ්‍යතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site