IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වූලිං විද්‍යුත් වාහන සමගින් බ්‍රවුන්ස් EV ශ්‍රී ලංකාවේ හරිත මෝටර් රථ ක්ෂේත්‍රය බලගන්වයි

ශ්‍රී ලංකාව තිරසර මෝටර් රථ ජාලයක් කරා යන ගමන් මඟේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් බ්‍රවුන්ස් EV වූලින් (Wuling) විද්‍යුත් මෝටර් රථ 90 ක්, ඒවායේ සාඩම්බර හිමිකරුවන් වෙත භාර දෙනු ලැබීය. අලංකාර වූලිං බින්ගුඕ (Wuling Binguo) සහ සුහුරු වූලිං ක්ලවුඞ් (Wuling Cloud) රථවලින් සමන්විත මෙම විද්‍යුත් මෝටර් රථ භාරදීම කොළඹ ඩාර්ලි පාරේ පිහිටි බ්‍රවුන්ස් EV ප්‍රදර්ශනාගාරයේදී අගෝස්තු 28 වැනිදා උත්සවාකාරයෙන් සිදුකෙරිණ. 
මෙම අවස්ථාව වර්ණවත් කරමින් LOLC සමූහයේ සහ එහි ගෝලීය හවුල්කරුවන්ගේ ප්‍රධානීන් රැසක් එක්වූ අතර  LOLC හෝල්ඩිංග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන, LOLC හෝල්ඩිංග්ස් විධායක අධ්‍යක්ෂිකා කල්ෂා අමරසිංහ, බ්‍රවුන්ස් EV අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර සහ වූලින් ලෝකප්‍රකට සන්නාමයේ කීර්තිමත් නිෂ්පාදක PT SGMW  හි ගෝලීය වෙළෙඳපොළ ජ්‍යෙෂ්ඨ කළමනාකර ලී - ජියා කැන් යන මහත්ම මහත්මීහුද ඒ අතර වූහ. 
ශ්‍රී ලංකාවේ SGMW විද්‍යුත් මෝටර් රථ සුවිශේෂී බෙදාහරින්නා ලෙස, බ්‍රවුන්ස් EV වාහන අලෙවියෙන් ඔබ්බට ගිය පරිපූර්ණ හිමිකාරිත්ව පරිසරයක් ගොඩනංවා ඇත. LOLC ෆිනෑන්ස් හරහා පිරිනමන මූල්‍ය සේවා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මඟින් ලබාදෙන පූර්ණ ආවරණයේ සිට LOLCමෝටර්ස් සහ බ්‍රවුන්ස් EV කෙයාර් හරහා විශේෂඥ අලෙවියෙන් පසු සේවා දක්වා, පාරිභෝගිකයන් හා සම්බන්ධ සෑම පියවරකදීම විශ්වාසය, පහසුව මෙන්ම පූර්ණ මානසික නිදහසක් ලබා දීම උදෙසා එය නිර්මාණය කර තිබේ. 
සෑම වූලින් මෝටර් රථයක්ම බෙදාහැරීමට පෙර දැඩි පූර්ව පරීක්ෂණයකට (PDI) ලක් කෙරෙන එහිදී බැටරියේ තත්වය සහ ආරක්ෂණ පද්ධතිවල සිට මෘදුකාංග සහ ක්‍රියාකාරිත්ව පරීක්ෂාව දක්වා සියල්ල ඇගයිමට ලක්කෙරේ. මෙම සූක්ෂම පරික්ෂාකාරී ක්‍රියාවලිය මඟින් අලෙවිකරණ සෑම වාහනයක්ම මාර්ගයට යෝග්‍ය බව, විශ්වාසදායක බව සහ බාධාවකින් තොරව රිය පැදවීමේ අත්දැකීමක් ලබා දීම සඳහා සකස් කර ඇති බව සහතික කෙරේ. 
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වඩාත් ව්‍යාප්ත වූ විද්‍යුත් වාහන බටරිරෝපණ (Charging) ජාලය ස්ථාපිත කිරීම සඳහා බ්‍රවුන්ස් EV ලොව විශාලතම EV චාර්ජින් උපකරණ නිෂ්පාදකයා වන TELD  සමග හවුල්කාරිත්වයක් ගොඩනඟා ඇත. 
TELD හි TüV සහ CE යුරෝපා සහ ගෝලීය ප්‍රමිති සහතික ලත් අති නවීන තාක්‍ෂණ පද්ධති මගින් ආරක්ෂිත, විශ්වාසදායී සහ අනාගතයට සරිලන නිමැවුම් ශ්‍රී ලංකාවේ වර්ධනය වන විද්‍යුත් වාහන හිමි ප්‍රජාව වෙත පිරිනමනු ඇත. මෙම ව්‍යාපෘතියෙන් වූලින් හිමිකරුවන්ට දිවයින පුරා ‘ෆාස්ට් චාර්ජින්’ පහසුකම් සඳහා ප්‍රවේශයක් හිමිවේ. මීට අමතරව, සෑම බ්‍රවුන්ස් EV පාරිභෝගිකයකුටම කිලෝ වොට් 7ක ගෘහස්ත චාර්ජින් ඒකකයක් නොමිලේ ලබාදේ.  එය අධික උණුසුම් වීම වළක්වන, බැටරි ආයු කාලය දීර්ඝ කරන, මනසට නිදහසක් මෙන්ම කල් පවත්නා වටිනාකමක් ලබා දෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ගෘහස්ත චාර්ජින් පද්ධතිය ස්ථාපිත කිරීම, ඒ සඳහාම කැපවූ කණ්ඩායමක් මගින් සිදු කරනු ලබන අතර, බාධාවකින් සහ කරදරයකින් තොර අත්දැකීමක් සහතික කරයි. 
මෙම උත්කර්ෂවත් අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “බ්‍රවුන්ස් EV හි අපගේ දැක්ම වන්නේ සෑම ශ්‍රී ලාංකිකයකුටම විශ්වාසයෙන් යුතුව හරිත මෝටර් රථ වෙත යොමුවීම සඳහා සවිබලගන්වන පරිපූර්ණ වාතාවරණයක් ගොඩනැංවීමයි. බ්‍රවුන්ස් EV හරහා, අපගේ පාරිභෝගිකයන්ට ගෝලීය ප්‍රමිතියේ වාහන පමණක් නොව, බාධාවකින් තොර අත්දැකීමක් සඳහා අවශ්‍ය මූල්‍ය විසඳුම්, රක්ෂණාවරණ, අලෙවියෙන් පසු සේවාව සහ චාර්ජින් යටිතල පහසුකම් ලබාදීම අපි සහතික කරමු. වුලිං සහ ටෙල්ඩ් (TELD) වැනි ගෝලීය ප්‍රමුඛයන් සමග හවුල්කාරිත්වයෙන් අපි ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් හා අනාගතයට සරිලන විද්‍යුත් වාහන ජාලය සඳහා පදනම සකස් කරන්නෙමු. මෙය තිරසාරභාවය, බලශක්ති සුරක්ෂිතතාව සහ පරිසර හිතකාමී හෙට දිනයක් සඳහා ආයෝජනයක්ද වේ. අපගේ ඉලක්කය සරල එහෙත් බලගතු ව්‍යායාමයකි. එය විද්‍යුත් මෝටර් රථ සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි දැරිය හැකි සහ විශ්වාසදායක ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් කිරීමයි.”  
වූලින් නිෂ්පාදක PT SGMW  හි ගෝලීය වෙළෙඳපොළ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලී - ජියා කැන් මහතා ද මෙහිදී අදහස් දැක්විය. “ලෝකයේ තුන්වැනි විශාලතම EV සන්නාමය ලෙස වූලින් හි සාර්ථකත්වය, නව්‍ය, විශ්වාසදායී සහ දැරිය හැකි ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වූ අපේ සහතිකයට සාක්ෂි දරමින් දැනටමත් මාර්ගවල සැරිසරන මිලියන තුන ඉක්මවූ වූලින් විද්‍යුත් වාහන වලින් තහවුරු වෙයි. අපගේ දැක්ම සැමවිට තිරසර ප්‍රවාහනය සැමට ප්‍රවේශ විය හැකි අයුරින් සංවර්ධනය කිරීමයි. බ්‍රවුන්ස් EV සමඟ එක්ව, අපි ලෝක ප්‍රමිතියේ විද්‍යුත් වාහන පෙළක් හඳුන්වා දෙන අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්ද ගොඩනඟමු. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව සියල්ලන් ඇතුළත් ප්‍රවාහන ක්ෂේත්‍රයක් කරා යන ගමන වේගවත් කරනු ඇතැයි අපි විශ්වාස කරමු.” 



අදහස් (0)

වූලිං විද්‍යුත් වාහන සමගින් බ්‍රවුන්ස් EV ශ්‍රී ලංකාවේ හරිත මෝටර් රථ ක්ෂේත්‍රය බලගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site