IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වරාය - ගුවන් තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

ජපාන රජයේ ආධාර ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි. වරාය හා සිවිල්ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , මහජන අරාක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පවත්වන ලදී.

මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්ව තිබූ අතර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව සාකච්ඡාවී තිබිණි.



අදහස් (0)

වරාය - ගුවන් තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 714 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17924 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site