IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වරදක් නෑ බිස්නස් හොඳයි

මේ දිනවල බිස්නස් කොහොමද යන්න දැන ගැනීමට අපි මහරගම බලා ගමන් කළෙමු. මහරගම යනු කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගරයකි. මහරගම යනු පිටකොටුව මෙන්ම කොයි කවුරුත් දන්නා වාණිජ නගරයකි. මහරගම කියූ සැණින් කාගේත් මතකයට පැමිණෙන්නේ පමුණුව වෙළෙඳ සංකීර්ණයයි. එහෙත් මහරගම රෙදි පමණක් නොව අනෙක් ව්‍යාපාර සඳහා ද ප්‍රසිද්ධය. මෙම වාණිජ නගරයේ විවිධ වූ මාදිලියේ වෙළෙඳසැල් පසු කරමින් අපි ගොඩ වුයේ නිව් ප්‍රේමා ස්ටෝර්ස් වෙතය. එහි හිමිකරු වූයේ අශෝක අමරතුංග මහතායි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද ? 

මම විකුණන්නේ පොලිතින්, ෂොපින් බෑග්, පොහොර වර්ග, ඉටි රෙදි ආදී දේවල්. මෙම භාණ්ඩ ගොඩක්ම දේශීය නිෂ්පාදිත ඒවා. ඉටි රෙදි වර්ග නම් චීනය වගේ රටවලිනුත් ආනයනය කරනවා. මම අවුරුදු 40 ක වගේ ඉඳන් බිස්නස් කරන කෙනෙක්. ඇත්තටම මේ දවස්වල බිස්නස් ගැන කතා කරනවා නම් සාමාන්‍ය තත්වයකට බිස්නස් තියනවා. වරදක් නෑ. බිස්නස් හොඳයි. ගිය අවුරුද්ද එක්ක බලද්දි බිස්නස් වැඩියි. මේ දවස්වල අවුරුදු සීසන් නිසා අප්‍රේල් 1 ඉඳන් බිස්නස් වැඩි වීමක් තියනවා. 

Q බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද? 

ගොඩක් අය ඇහුවාම කියන්නේ උත්සව සමය වුණත් බිස්නස් නෑ. බිස්නස් අඩුයි කියලා. මම දන්න විදියට නම් උත්සව සමයේ කාටත් ඔය කියන තරම් බිස්නස් අඩුවක් නෑ. ගොඩක් අය බිස්නස් නෑ කියලා කියන්නේ බොරු. පෙර අවුරුදුවල තරමටම බිස්නස් සරු නැති වුණත්, සාමාන්‍ය දිනවලට සාපේක්ෂව මේ දවස්වල බිස්නස් වැඩියි. මේ උත්සව සමය ගත්තාම බිස්නස් වැඩි වෙන්න බලපාපු එක හේතුවක් තමයි බඩු මිල අඩු වීම. අපි තොග බඩු මිලදී ගන්න පිට කොටුවේ වෙළෙඳ සැලෙනුත් මට කතා කරලම කිව්වා, බඩු මිල අඩුයි, බඩු ගන්න එන්න කියලා. පොලිතීන් එහෙමත් ගොඩක් මිල අඩුවෙලා තියෙන්නේ. wපොහොර මිලත් යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්නේ. පොලිතින් බණ්ඩලයක් රුපියල් සීයකින් වගේ අඩු වෙලා. ඒවගේ ගාණකින් බඩු මිල අඩු වුණා කියන්නේ පාරිභෝගිකයන්ට ඒක ලොකු ලාබයක්. මේ මිල අඩු වීම තමයි අපිට බිස්නස් වැඩි වෙන්න හේතුව.
 
ශෂිකා අබේරත්න
ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

වරදක් නෑ බිස්නස් හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site