අලුත් ගනුදෙනු දිනයක් වශයෙන් මිලදී ගැනීමට යුහුසුලු බවකින් ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹිණ. සියලු කොටස් මිල දර්ශකය 16,152.35 ක් වශයෙන් වූ අතර” එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 226.35 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,906.92 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 97.63 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. ගනුදෙනු ආරම්භයේ සිට මධ්‍යාහ්නය තෙක් අඛණ්ඩ ප්‍රගතියක් වාර්තා කිරීම විශේෂත්වයකි. ගනුදෙනු නතර කරන විට එය ස්ථාවර තැනකට අවතීර්ණ වී තිබුණි.
වාර්තාගත ආකාරයට කොටස් මිල දර්ශකය ඒකක 16,000 පසුකරන විට පැවැති පිරිවැටුමට සාපේක්ෂව අඩු තැනක පැවැති අතර, එය රු. බිලියන 3.72 කට සීමා වී තිබුණි. මෙදින ගනුදෙනු අවසානයේ දී නැවත වතාවක් දර්ශක එම ඉහළම අගය කරා සමීපවීම විශේෂත්වයකි. දිනය අවසානයේ දි ගනුදෙනු 28,074 ක් සිදුවී තිබේ. සමාගම් 68 ක කොටස් මිල පහත වැටිණි. සමාගම් 173 ක කොටස් මිල ඉහළ ගියේය.
සිලෝන් බෙවරෙජර්ස්, ලයන් බෲවරි, ඩිල්මා සිලෝන්, අබාන්ස්, ලංකා අශෝක් ලේලබජ්, නේෂන්ස් ට්‍රස්ට් සහ සිලෝන් ප්‍රිව්ටර්ස් යන සමාගම්වල කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම් ලැයිස්තුවේ ඉහළින් ම විය. රජය මත්පැන් සඳහා බදු නංවන ලද නමුත් එහිලා බලපෑම කොටස් හිමියන් සලකා බලා නැති බව පෙනේ. සෙංකඩගල ෆිනෑන්ස්, ත්‍රී ඒකර්ස් ෆාම්, කොමර්ෂල් ඩිවිඩන්ස්, ඇල්පිටිය වැවිලි, සී.ටී.අයි., ශ්‍රී ලංකා ටෙලිකොම්, ග්‍රේන් එළිවේටරස්, සම ලංකා වෙන්චර්ස් වැඩිම ප්‍රතිශතයකින් මිල ගණන් පහත වැටුණ සමාගම් අතර විය.
හැටන් නැෂනල් කොටස් ගනුදෙනු වාර 565 කින් රු. මිලියන 484 ක පිරිවැටුමට දායනකත්වයක් ලැබුණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පිරිවැටුමට රු. මිලියන 298 ක්, ඩිජිටල් මොබයිල් රු. මිලියන 279ක්, ඩී.එෆ්.සී.සී. රු. මිලියන 241 ක දායකත්වයක් දක්වා තිබේ. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් වැඩිම කොටස් හුමවාරු වූ සමාගම අතර ඉදිරියෙන් සිටී. එහි කොටස් මිලියන තුනක් හුවමාරු වූ අතර එහි වැඩිමමිල රු. 8.20 කි. සති පනස් දෙකක කාලයක් තුළ අඩුම මිලකට පහත වැටුණ නේෂන් ලංකා කොටසක මිල රු. ශත තිහකට අවසානයේ විකුණුණු අතර එම මිලට කොටස් මිලියන දහ තුනක් මිල දී ගැනීම සඳහා ඉදිරිපත්වීම ද විශේෂත්වයකි. ජෝන් කීල්ස් කොටස් මිලියන දහයක් ද හුවමාරු විය.
එච්.එන්.බී. ෆයිනෑන්ස් සමාගම කොටස් හිමියන්ට මිල දී ගත හැකි ඡන්ද රහිත කොටස් 62,125,000ක් රුපියල් තුන බැගින් හා හා ඡන්ද සහිත කොටස් මිලියන 296,120,963 ක් එකක් රු තුනකුත් ශත හතළිහ බැගින් අයිතිවාසිකම් කොටස් වශයෙන් නිවේදනය කර ඇත. සමාගම් ගණනාවක් පසුගිය වසරේ අවසාන කාර්තුවේ මුල්‍ය වාර්තා නිකුත් කොට තිබේ. ඒවා අනුව හොඳ ක්‍රියාකාරීත්වයක් දක්වයි. බදු ගෙවීමෙන් පසු ප්‍රතිලාභ නිකුත් කරන දින ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විදේශ ක්‍රියාකාරීත්වය ද අඩු ස්වභාවයක් ගත් නමුත් වාහන ආනයනයට ඉඩදීම වැනි රජයේ තීරණ වෙළෙඳ පොළ සක්‍රීයතාව පවත්වාගැනීමට දායකවන බව පෙනේ. බැංකු පද්ධතිය සතු ඉතිරිකිරීම් කොටස් වෙළෙඳපොළෙට ගලායාම වළක්වන ප්‍රයත්නයක් පවතින නමුත් මෙම පාර්ශව සමබර කිරීමට මුල්‍ය සම්පාදකයන් කටයුතු කළ යුතුව ඇත.
නිරීක්ෂක
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වාර්තාගත 16000 කරා නැවතත් සියලු කොටස් මිල දර්ශකය පැමිණේ