IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ව්‍යවසායකයන් බිහිකරන පළාත් පාලනයක් ?

 අනුර කුමාර දිසානායක, විපක්ෂයට අනතුරු ඇඟවීම 

ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ, ප්‍රධාන පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර රැස්වීම අමතමින්, තම ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන පිහිටුවීමේ කාර්යයට බාධා නොකරන ලෙස විරුද්ධ පක්ෂවලට අනතුරු ඇඟවූ බව වාර්තා වූයේය. නොබෝදා නිමාවට පත්වූ පළාත් පළාන මැතිවරණයෙන් ජනතාව පැහැදිලි ජන වරමක් ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතනවල නායකත්වය දැරීම උදෙසා දී ඇතැයි පැවසූ ඔහු රජයේ  යුතුකම වන්නේ එම ජනවරමට ගරු කිරීම යයි කියා සිටියේය. කවුරු හෝ එම ක්‍රියාදාමයට බාධා කරන්නේ නම් ඔහුගේ රජයේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය භාවිත කොට හෝ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද විරුද්ධ පක්ෂ යම් ප්‍රජාතන්ත්‍රීය නොවන උත්සාහයක් ගතහොත් ඒවා ව්‍යර්ථ කිරීමට නීති සංශෝධන ගෙනඑන බව කියා සිටියේය. 

ඔහුගේ අනතුරු හැඟවීම, ඕනෑම මැතිවරණයක් ඒකාබද්ධ විපක්ෂයකට තරග කොට, ජනතාව සමග ඔවුන්ගේ බලය උරගා බලන ලෙස කළ අභියෝගයක් ද වේ. අනුර කුමාර දිසානායක විසින් මෙසේ දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීමට හේතුව වූයේ ඇතැම් විරුද්ධ පක්ෂ, ජාතික ජන බල වේගයට බහුතර බලය නොමැති පළාත් පාලන ආයතනවල පාලන බලය සිය බහුතර සාමාජිකත්වය ඒකරාශි කොට අල්ලා ගත යුතු බවට ගත්  තීරණයයි. ජාතික ජන බලවේගය බහුතර බලය ලබා ගැනීමට  අසමත් වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 117ක් වන අතර තවත් ආයතන 30ක විරුද්ධ පක්ෂ හා සම ආසන සංඛ්‍යාවක් ජා.ජ.බ.  දිනා සිටී. මෙසේ වූයේ අනුර කුමාර දිසානායක හා ඔහුගේ කැබිනට් අමාත්‍යවරුන්, ජා.ජ.බ. හට පැහැදිලි බහුතරයක් ලබා ගනු වස්  ‘‘ජය නියතයි ගමෙත් අපට’’ යන සටන් පාඨය ඔස්සේ රටපුරා ගෙනගිය ශක්තිමත් දෘඪතර ඡන්ද ව්‍යාපාරයෙනුත් පසුවය. කියැවෙන ආයාචනය පැහැදිලිය. රට පාලනය කිරීම සඳහා ජාතිය විසින් ජා.ජ.බ. හට බලය දී ඇත. එය සම්පූර්ණ කිරීම සඳහා පළාත් පාලන මට්ටමෙන්ද ඔවුන්ට බලය අවශ්‍ය වන්නේය. 

පාර්ලිමේන්තු මැතිවරණය හා සසඳන විට ජා.ජ.බ. හට ජනප්‍රියත්වය අහිමිවීම ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වූ Manthri.lk විසින්. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල 2024 නොවැම්බරයේ පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සමග සසඳා බලමින් ගැඹුරු විග්‍රහයක් සිදුකර ඇත. මෙම වෙබ් අඩවියට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය සියයට 68ක් වන අතර මෙම මැතිවරණයේ එම ප්‍රතිශතය සියයට 61.8කි. පාර්ලිමේන්තුවේ 2/3 බලයටත් වඩා ආසන 159ක් දිනාගත් අතිශය විශාල ජනවරම ලැබීමෙන් මාස 6ක් ඉකුත්ව ගිය තැන ජාජබ හට ලැබුණු ඡන්ද ආසන ප්‍රතිශතය සෑහෙන තරමින් පහත වැටී ඇත.

ජාජබ හට ලැබූ ඡන්ද අනුමැතියේ පහත වැටීම ජාතික මට්ටමෙන්, පළාත් මට්ටමෙන් සහ දිස්ත්‍රික් මට්ටමෙන් රට තුළ සිදුවූ ආකාරය නිරීක්ෂණය කොට ඇත. ලැබෙන සහයෝගය ඉහළ ගොස් ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ පමණකි. එයද යම්තමින් සියයට 1.77ක වැඩි වීමක් පමණි. අනෙක් සියළු දිස්ත්‍රික්කවල මින් පෙර එයට පැවති ජනප්‍රියත්වය සාමාන්‍යයෙන් (පොදුවේ) සියයට 35කින් පමණ පහත වැටී තිබේ. බස්නාහිර ජාජබය හොඳින් කාර්ය ඵලතාව පෙන්වුවද එහිද සියයට 30කින් පමණ පහත වැටී තිබේ.

 පළාත් මට්ටමෙන් මෙන්ම  දිස්ත්‍රික්ක මට්ටමෙන්ද ඡන්ද අහිමිව යාම 

ජාතික මට්ටමේදී, මාස හයකට ඉහතදී සියයට 61.6ක් පැවති එහි ජනප්‍රියත්වයේ ප්‍රතිශතය හා සසඳා බැලූ විට එය සියයට 43.3 දක්වා පහත වැටී ඇති බව පෙනී යයි. 
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පදනම් කොට පාර්ලිමේන්තු බලය  එයට ලැබුණේ නම් ඊට හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 154 සිට 121 දක්වා පහත වැටේ. එය පාර්ලිමේන්තුවේ 2/3 බලය පැහැදිලිව අහිමිව යාමකි. එසේ වුවද ඊට වෙනස්ව යමින් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රී සංඛ්‍යාව 40 සිට 51 දක්වා ඉහළ යයි. විශාලතම ජනප්‍රියත්වය ඉහළ යාම නිරීක්ෂණය වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අදාළවය. එහි මන්ත්‍රී සංඛ්‍යාව  3 සිට 22 දක්වා ඉහළ යන බව දිස්වේ. එක්සත් ජාතික පක්ෂයේ පවා පාර්ලිමේන්තු මැතිවරණය සෝදා පාළුවට ලක් වුවද එහි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 1 සිට  හත දක්වා ඉහළ යයි. එම නිසා ජා.ජ.බ.  තවමත් ඉදිරියෙන් සිටියත් එහි ජනප්‍රියත්වය රජය පිහිටූ දා පටන් මේ දක්වා මාස 6  තුළ බරපතළ ලෙස පහත වැටී තිබේ. පළාත් පාලන මැතිවරණයේ අපුර්ව ප්‍රතිඵලය නම් නොපැහැදිලි ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙන ගිය විපක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ යමින් රජයේ කලකිරීමට එය හේතුවීමයි. එයින් පැහැදිලිව දිස්වන්නේ රජයටත් එහි ප්‍රතිපත්තිවලටත් ජනතාවගේ පවතින විරෝධයයි. අනුර කුමාර දිසානායක සොබාවිකවම ඉන් නොසතුටට පත් වනු ඇත.

 පළාත් පාලන ආයතනවල  විපක්ෂයක් නැත 

පළාත් පාලන ආයතනවල, පාලනය ගොඩ නැගීම සම්බන්ධයෙන් ජා.ජ.බ. ත් විරුද්ධ පක්ෂත් ගෙන තිබෙන ස්ථාවරය පළාත් පාලන මූලධර්ම හා එකඟ නොවන්නකි. ඊට හේතුව පළාත් පාලන ආයතන ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායකයෙන් වෙනස් වීමයි. 

ජාතික මට්ටමේදී පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවක් පිහිටුවනු ලබන අතර සුළුතරයට අයත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් විපක්ෂය සමන්විත වෙයි. 

ඒ ආකාරයට පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් හා කැබිනට් අමාත්‍යවරු රජය නියෝජනය කරනු ලබති. එසේම විපක්ෂයට නායකත්වය දෙන විපක්ෂ නායකවරයෙක්ද සිටී.

පළාත් පාලත මට්ටමේදී ඒ ආකාරයේ බෙදීමක් නොමැත. මහනගර සභාවක නම්, නගරාධිපතිවරයකු පත්වන අතර නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක් වැනි වෙනත් පළාත් පාලන ආයතනවල සභාපතිවරයකු පත්වේ. එහිදී විධිමත්ව පත් කරනු ලබන නිත්‍යානුකූල විපක්ෂ නායකයකු නොමැත. ඒවායේ කටයුතු පිළියෙල කොට ඇත්තේ සියලුම මන්ත්‍රීවරු එකට එක්වී කණ්ඩායමක් ලෙස අදාළ බල ප්‍රදේශයේ සිටින ජනතාවගේ අභිවෘද්ධිය තකා වැඩ කිරීමටය.

පළාත් පාලන ආයතනවල දේශපාලන වශයෙන් ගොඩ නගනු ලබන නීතිය තුළ මෙම පළාත් පාලන ආයතනවල මූලධර්ම නිර්වචනය කරනු ලබයි. පළාත් පාලන ආයතනයක විරුද්ධ පක්ෂයක් බිහිවීමෙන්. ඒවා තුළ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති විචාරය කරනු ලබන කණ්ඩායමක් හරහා පාලනය වැඩි දියුණු වන බවට තරක කෙරේ. විරුද්ධ පක්ෂයක පැවත්ම නිසා බලය ඉන්නා මන්ත්‍රීවරුන්ගේ වැරදි ක්‍රියා සහ අවභාවිතයන් අනාවරණය කොට ඒවා හඬ නගා ප්‍රසිද්ධියට පත් කිරීම සිදුවෙතැයි කියනු ලැබේ.  

පළාත් පාලන ආයතනයේ බලයේ සිටින කණ්ඩායමට වඩාත් විනිවිද පෙනෙනසුළු භාවයෙන් යුතුව හා වගවීමෙන් යුතුව කටයුතු පවත්වාගෙන යාම කෙරේ එය බලපානු ඇත. මෙම අරමුණු  මුදුන්පත් කිරීමේදී විරුද්ධ පක්ෂයේ සාමාජිකයින් ඝෘණාත්මක ලෙස පාලක පක්ෂය විවේචනය කිරීම තීරණාත්මක ලෙස බලපානු ඇත. කෙසේ වුවද එල් සැල්වදෝරයේ නගර සභාවක් එහි විරුද්ධ පක්ෂවල කාර්ය සාධනය ඇසුරින් කළ අනුභාවික අධ්‍යනයකදී මෙම මතය සනාථ නොවූයේය.

 ජනතාවගේ යහපැවැත්ම නැංවීම උදෙසා  සාමූහික උත්සහය 

පළාත් පාලන  මට්ටමේදී අවශ්‍ය වන්නේ පක්ෂ දේශපාලනයට අදාළ කටයුතු කිරීම නොව ජනතාවගේ යහ පැවැත්ම ප්‍රවර්ධනය හා ස්වදේශීය  සංවර්ධනයේ අභිවෘද්ධිය තකා සියල්ලන් එකතු වී සමූහිකව උත්සාහ  දැරීමයි. දේශපාලන අරමුණු තකා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වීමේ අවාසි කිහිපයක් ඇත.

පළමුවැන්න, බහුතර බලය ඇති පක්ෂයෙන් පත්වෙන සභාපතිවරයා,  සභාවේ සිටිනා, වඩාත් කාර්යක්ෂම, ව්‍යවසාය හුරු, නව්‍යතම අදහස් දරන මන්ත්‍රීවරයා නොවෙන්නට ඉඩ තිබේ. සභාපතිවරයා පෞද්ගලික සමාගමක ප්‍රධාන විධායක නිලධාරියකු හා සමානය. ඔහුගේ කාර්යය වන්නේ පළාත් පාලන ආයතනය කාර්යක්ෂමව පවත්වාගෙන යාමයි. ඔහු එම තනතුර ලබා ගන්නේ හුදෙක් එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ නිසා මිස පිරිස් අතර සිටිනා වඩාත්ම කාර්යක්ෂමතාව ඇති නවෝත්පාදක, ව්‍යවසාය හුරු පුද්ගලයා ඔහු නිසා නොවේ.

දෙවැන්න, ඔහු ජාතික මට්ටමෙන් බලයේ සිටින පක්ෂයෙන් පැමිණියහොත් ඔහු  දූෂිත, ආකර්ෂණ හා වගකීමෙන් තොර කටයුතු කරන පුද්ගලයකු බවට සාක්ෂි ලැබෙන විටකදී ඒවා ඔහු එම තනතුරේ රැඳී සිටින්නට ඉඩ තිබේ. ඔහුගේ පහත් මට්ටමේ කාර්යක්ෂම භාවය අනුමත කළහොත් ඒ ඔස්සේ බලයේ සිටිනා පක්ෂය, පළාත් පාලන මට්ටමේ බලය හොබවන අයට වැරදි සංඥාවක් දෙන්නට ඉඩ තිබේ. එසේ වන්නේ යම් අයෙකු ජාතික මට්ටමේ නායකත්වයේ සිතැඟිවලට අනුකූලව කටයුතු කරන තාක් ඔහුගේ තනතුර ආරක්ෂා සහගත වීම නිසාය. යම් අයකු තනතුර අහිමි වීමේ අවදානම දරන්නේ පක්ෂ නායකත්වයෙන් බිඳී වෙන්වී ඉවත ගියහොත් පමණි.   

තුන්වැන්න, සභාපතිවරයා විපක්ෂයට අයත් දේශපාලන පක්ෂයකින් පැමිණියහොත් ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවල සිදුවූ පරිදි ඔහු පාලක දේශපාලන පක්ෂයේ විසුරුවා හැරීමකට ලක්විය හැකිය. ශ්‍රී ලංකාවේ බොහෝ විට විපක්ෂයෙන් පළාත් පාලන ආයතන පවත්වා ගෙන යන අවස්ථාවල පාලක පක්ෂය විසින් බලය පවත්වාගෙන පළාත් පාලන ආයතන විසුරුවා හැර තිබේ. නැතහොත් සභාපති වරයා මධ්‍යම ආණ්ඩුවේ පළාත් පාලන  ආයතන කටයුතු භාර අමාත්‍යවරයා විසින් ඉවත් කිරීමට ලක්ව තිබේ. 

මේ අවිනිශ්චිතතාවට පළාත් පාලන ආයතන ලක්ව තිබේ. එසේ  නැතහොත් විරුද්ධ පක්ෂවලින් පවත්වාගෙන යනු ලබන පළාත් පාලන ආයතනවලට සභාපතිවරයා කාර්යක්ෂමව මෙහෙයුම් ඉටු කරතැයි හොඳින් පෙර නිමිති පහළ නොවේ. 

 ඒ ඒ ප්‍රදේශවල ගැටලු  විසඳා ගැනීමට  පළාත් පාලන ආයතන 

පළාත් පාලන ආයතන වලින් ජනතාවගේ බිම් මට්ටමේ බලය නියෝජනය කරනුයේ ඔවුන්ට බලපාන කාරණා තීන්දු කිරීම උදෙසාය.  එයින් ජාතික මට්ටමේ ප්‍රතිපත්තිවලින් මුදුන් පත් නොකරන, එම අදාළ ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික අපේක්ෂාවන් වෙලාගනු ලබයි. උදාහරණයකට, ජාතික මට්ටමේදී ආණ්ඩුව විසින් තෙල් පිරිපහදු කරන පරිශෝධනගාරයක් පිහිටුවීම උදෙසා ඍජු විදේශ ආයෝජන ලබාගැනීමේ හැකියාව සොයා බලනවා විය හැකියි. මෙය (උදාහරණයකට) ඌව පළාතේ පළාත් පාලන ආයතනයකට අදාල නොවනවා විය හැකියි. එම පළාතට අවශ්‍ය වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කරන නිෂ්පාදන වෙළෙඳපොළ වෙත යොමු කරන පසු අස්වනු සැකසුම්වලට අදාළවූ තරුණයන් සාර්ථක කෘෂි ව්‍යවසායකයන් බවට පත්කරන ව්‍යාපෘති විය හැකියි. එය එම ප්‍රදේශයේ ජනතාව විසින් විසඳා ගත යුතු එම පළාතේ ගැටලුවකි.

එයින් අදහස් වන්නේ මෙම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් ව්‍යවසායකත්වය හුරු නිර්මානාත්මක, නවෝත්පාදනය හුරු මිනිසුන් විය යුතු බවයි. පළාත් පාලන ආයතන ප්‍රධානත්වය දරන පුද්ගලයන් තුළ මෙම ගුණාත්මක බාවයක් නොමැති නම් එවිට එම ආයතන හුදෙක් දේශපාලන කතිකාවල යොදන කතා ගෘහයන් මිස, ජනතාවගේ යහපැවැත්ම උදෙසා වූ ඉලක්කයන් හඹා යන ක්‍රියාකාරකම් සහිත ආයතන වන්නේ නැත. එය ඊට අයත් ජනතාවගේ අභිප්‍රායන්/අපේක්ෂාවන් නියෝජනය වන ඒවා මුදුන්පත් කරනු පළාත් පාලන ක්‍රමයන් ආසාර්ථක වන ආවස්ථාවකි.

 ව්‍යවසාය හුරු ප්‍රධානීන්ගේ අවශ්‍යතාව 

1990 ගණන්වලදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ග්‍රාමීය ණය අංශයෙන් ණය ප්‍රදානය කරන ආයතනයක් හා එක්ව නගර සභා උදෙසා තිරසාර කසළ බැහැර කීරිමේ පද්ධති ගොඩ නැගීම උදෙසා ණය ක්‍රමයක් ක්‍රියාත්මක කළ අවස්ථාවක් මාගේ මතකයට නැගේ. ඒ යටතේ නගර සභාවලට මහ බැංකුවෙන්, සහනදායී පොලියකට කොම්පෝස්ට් නිෂ්පාදනාගාර ඉදිකොට කාබනික පොහොර නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා  දීර්ඝ කාලීන අර මුදල් ලබා ගැනීමේ හැකියාව තිබිණි. ණය ප්‍රදානය කරන ඒජන්සිය නගර සභාවලට, එවැනි පහසුකමක් ලාබදායීව පවත්වා ගෙන යාම උදෙසා සංවර්ධනයන් හා මෙහෙයුම් පවත්වා ගැනීමට තාක්ෂණික සහාය ඇතුළු විවිධ සහාය දීමට එකඟව සිටියේය. 

නගර සභාවලට මුදල් ප්‍රවාහ ගලා ඒම ඒවායේ මෙහෙයුම් පිරිවැය දැරීමට පමණක් නොව ණය වාරික ගෙවීමටද ප්‍රමාණවත් වූයේය. නගර සභා බල ප්‍රදේශවල කසළ බැහැර කිරීම මහා පරිමාණ ගැටලුවක් වූ නිසා එම ණය ක්‍රමය ඊට කදිම විසඳුමක් විය.

එහෙත් මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල  නොලැබූණේ ඊට සම්බන්ධ වූයේ එකම එක නගර සභාවක් වූ බැවිනි. තම ප්‍රදේශයේ ජනතාවගේ යහපත තකා එම අවස්ථාවට ග්‍රහණය කර ගත්තේ, ව්‍යවසාය ලැදි එකම නගරාධිපතිවරයෙකි. ඔහු ලාභදායි ව්‍යාපාරයක් ලෙස ද පවත්වා ගත්තේය. මෙම ව්‍යාපෘතිය UNESLAP-1RRC වෙතින් අමතර අරමුදල් ලබාගෙන වැඩි දියුණු කර ඇති බව දැනගන්නට ලැබිණි.

 දේශපාලන වාද භේද ඉවත  දැමීමට කාලය පැමිණ තිබේ 

ජාතික ජනබලවේගයත්, විපක්ෂත් දේශපාලන වාද භේද ඉවතලා එක්සත් විය යුතු වන්නේ එකිනෙකාට එරෙහිව මැතිවරණ තරග කරන්නට නොව අනුර කුමාර දිසානායක යෝජනා කළ පරිදි ඒ ඒ ප්‍රදේශවල ජනතාව කරා සමෘද්ධිමත් බව ගෙන ඒමටය. ඔවුන් පළාත් පාලන ආයතනවල හොඳම ව්‍යවසායකත්වය හුරු, නිර්මාණාත්මක, නවෝත්පාදනය ලැදි පුද්ගලයා එහි සභාපතිවරයා ලෙස තෝරා ගත යුතුය. පළාත් පාලන ආයතන පවත්වා ගනු ලබන්නේ එම ප්‍රදේශයේම අවශ්‍යතාවට අදාළ දැක්මක් හා ඊටම ආවේනික මෙහෙවරක් පදනම් කරගෙන නිසා එහි ප්‍රධානියා ලෙස අති දක්ෂ ප්‍රධානියකු ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස ඒ සඳහා පත්කර ගත යුතුවේ. දේශපාලන ඕනෑ එපාකම්, අපේක්ෂාවන් පදනම් කරගෙන එවැනි තේරීමක් කිරීමෙන් දක්ෂ පුද්ගලයකු ඒ උදෙසා පත් වන්නේ නැත. යම් මන්ත්‍රීවරයකු දක්ෂ නම් තමා වූ පොරොන්දු ඉටු කරනු ලැබූ අතීත වාර්තා සහිත නම් අවට ජනතාවගේ පිළිගැනීමට ලක්වේ නම් ඔහු ජා.ජ.බ. වේවා විරුද්ධ පාක්ෂිකයකු වේවා පළාත් පාලන ආයතනයේ ප්‍රධාන  තනතුරට ඔහු පත්කළ යුතුවේ. 

සියලු ඉලක්ක සපුරා ගන්නට සැවොම එක්වී ඔහුට සහයෝගය දිය යුතුය. ඔහු අසමත් වූයේ නම් පෞද්ගලික කොම්පැණියක මෙන් ඔහු වෙනුවට එම කාර්යයට වෙනත් දක්ෂ අයෙක් ඔහු ඉවත් කොට පත් කළ යුතුය. පළාත් පාලන ආයතන තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මෙන් දේශපාලන සෙල්ලමේ යෙදෙන්නට නොව, ජනතාවගේ අභිලාෂයන් සැලකිල්ලට ගෙන ඔවුන්ට සමෘද්ධිමත් බව රැගෙන එන්නටය.

විවිධාකාර ප්‍රජාතාන්ත්‍රීය නොවන ක්‍රියාදාමයන්ට අනුගත වෙමින් පළාත් පාලන ආයතවල බලය ඩැහැ ගැනීමට මාන බලන යුද්ධයකට අවතීර්ණ වීමට වඩා. ජා.ජ. බලවේගයේත්  විරුද්ධ පක්ෂවලත්  චින්තනයටත්, ක්‍රියාවටත්, අහර විය යුත්තේ මෙම මත වාදයයි.



අදහස් (0)

ව්‍යවසායකයන් බිහිකරන පළාත් පාලනයක් ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1672 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site