IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරික විශ්වාසය මැයි මාසයේදී නැවතත් ඉහළට - LMD සඟරාව

මෙරට ව්‍යපාරික විශ්වාසය පසුගිය මැයි මාසයේදී යළිත් ඉහළට පැමිණ ඇතැයි ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව පවසයි. එම සඟරාව මගින් මාසිකව ඉදිරිපත් කරන ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය (BCI) ඉදිරිපත් කරමින් මේ බව සදහන් කර සිටියි. ඒ අනුව මෙය එම දර්ශකය දැනට මාස දෙකකට පෙර පැවැති මට්ටමට ළගාවීමක් ලෙසත් ඔවුහු පෙන්වා දෙති. 

“මෙම ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය මැයි මාසයේදී පදනම් අංක 24කින් ඉහළ නැග ඒකක 196ක් දක්වා ඉහළ නැග තිබෙනවා. අප්‍රේල් මාසයේදී එය පැවතුණේ 172 ක මට්ටමේ. විශේෂයෙන්ම මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණය ඊට හේතු වුණා. මෙම දර්ශකය මෙතෙක් පත් වූ ඉහළම අගය පසුගිය පෙබරවාරි මාසයේදී ඒකක 204ක් දක්වා ඉහළ නැග තිබුණා. ඒ වගේම මාර්තුවේදී එය 197ක් ලෙස ශක්තිමත්ව පැවතියා.“ යනුවෙන් LMD සඟරාව වැඩිදුරටත් පවසයි.

එසේම මෙම මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇති LMD සඟරාවේ ජූනි සංස්කරණය තුළ මෙම වාර්තාව සවිස්තරාත්මක ඇතුළත්ව තිබෙන බව එම සඟරාව සදහන් කරයි.

“වර්තමානයේදී පවතින උච්ඡාවචනයන් අතරේ වුවද මෙම ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය යම් ඉහළ මට්ටමක පැවතීම ගැන සතුටු වෙනවා. එය එතෙක් මෙතෙක් මෙම දර්ශකයේ මධ්‍යයන අගය වූ ඒකක 124 ට වඩා අංක 72ක් ඉහළින් වගේම මාස 12ක සාමාන්‍යය වන ඒකක 152 ට වඩා අංක 44ක් ඉහළින් පවතිනවා.“ සඟරාව පවසයි. පසුගිය වසරේ මැයි මාසයේදී මෙම දර්ශකය ඒකක 99 ක් ලෙස සටහන්ව තිබුණී. 

 



අදහස් (0)

ව්‍යාපාරික විශ්වාසය මැයි මාසයේදී නැවතත් ඉහළට - LMD සඟරාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site