IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරික ප්‍රජාවේ ආර්ථිකයක බලාපොරොත්තු පහළ යයි

ව්‍යාපාරික ප්‍රජාව තුළ දීප්තිමත් ආර්ථිකයක් පිළිබඳ බලාපොරොත්තු පසුගිය මාසය සමග සංසන්දනය කිරීමේදී පහත වැටී ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපරික සඟරාවක් වන එල්.එම්.ඩී මැයි සංස්කරණය පවසයි.

මෙරට ව්‍යාපාරික කවයන් තුළ ආර්ථිකය පිළිබඳ මෘදු ඉදිරි දර්ශනයක් තිබෙන බව පෙපර් කියුබ් උපදේශකයන් වාර්තා කිරීමත් සමග සැලකිය යුතු ලෙස පරෙස්සම් සහගත ආර්ථික සහ ව්‍යාපාරික දැක්මක් සමාගම් තුළ ස්ථාපිත වී ඇතැයි එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය. එයට හේතුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ පහළ යෑම බවද එම සඟරාව පැවැසුවේය.

එල්.එම්.ඩී. සහ පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වශනීය දර්ශකයේ නවතම සමීක්ෂණය පසුගිය අප්‍රේල් මාසයේ මුල් සතියේදී පැවැත්වුණු බවත්, එයට සහභාගී වූවන්ගෙන් වැඩි පිරිස ඉදිරි මාස 12 දී මෙරට ආර්ථිකය වැඩි දියුණු වනු ඇතැයි අපේක්ෂා කළ බවත් එම සඟරාව ප්‍රකාශ කළේය.  කෙසේ වෙතත් පෙර සමීක්ෂණයට සාපේක්ෂව නව සමීක්ෂණයේදී ඉදිරි මාස 12 ක කාලයේදී මෙරට ආර්ථිකය වැඩි දියණු වනු ඇතැයි අපේක්ෂා කරන ව්‍යාපාරික ප්‍රජාව සියයට 73 සිට 66 දක්වා සියයට 7 කින් පහළ ගොස් ඇතැයි එල්.එම්.ඩී. මැයි සංස්කරණය පැවැසුවේය.

එසේම සහභාගී වූවන්ගෙන් සියයට 25 ක් ඉදිරි මාස 12 තුළදී මෙරට ආර්ථිකය නොවෙනස්ව පවතිනු ඇතැයි විශ්වාස කරන බවත්, එය පෙර සමීක්ෂණයට සාපේක්ෂව සියයට 6 ක ඉහළ යාමක් බවත් එම සඟරාව ප්‍රකාශ කළේය. සහභාගී වූවන්ගෙන් 10 දෙනෙක්ගෙන් එක් අයෙක් පමණ ඉදිරි මාස 12 තුළදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එය පෙර සමීක්ෂණයට සාපේක්ෂව ඉහළ යාමක් බවත් එල්.එම්.ඩී. සඟරාව පැවැසුවේය.

මෙරට ආර්ථිකය පිළිබඳ දරණ මතය අලෙවිකරණ ප්‍රජාව අතරද යම්තාක් දුරකට පහළ ගොස් ඇති බවත් ඉදිරි මාස 12 ක කාලයේදී සිය සමාගමේ විකුණුම් පරිමාව ඉහළ යනු ඇතැයි විශ්වාස කරන්නේ සහභාගී වූ විධායක නිලධාරීන්ගෙන් සියයට 78 ක් පමණක් බවත් එය පෙර සමීක්ෂණයට සාපේක්ෂව සියයට 6 ක පහළ යාමක් බවත් එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය.



අදහස් (0)

ව්‍යාපාරික ප්‍රජාවේ ආර්ථිකයක බලාපොරොත්තු පහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site