කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ
මෙරටට පැමිණෙන විදෙස් සංචාරයන්ට එවර්ගීන් තේ නිෂ්පාදන අලෙවි කිරීමේ අරමුණින් එවර්ග්‍රීන් තේ ප්‍රදර්ශනාගාරයක් ඇල්පිටිය වතුරවිලදී විවෘත කෙරිණ.
එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අනුර ද සිල්වා, උප සභාපතිවරුන් වන සෙනාල් ද සිල්වා,විනෝද් ද සිල්වා,අධ්‍යක්ෂවරුන් වන සාගරිකා ජයසිංහ,තරුෂ ගීගනගේ නියෝජය සාමාන්‍යාධිකාරී ලසන්ත අල්විස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කෙරිණ.
මෙම ප්‍රදර්ශනාගාරයේ විදෙස් සංචාරක තේ ප්‍රවර්ධන නිලධාරී ලෙස විශ්‍රාමික තේ නිලධාරියකු වන අශෝක හේවාවසම් මහතා පත් කොට තිබේ.
මෙරට සංචාර සඳහා ලෝකය වටෙන්ම එන විදෙස් සංචාරකයන්ට එවර්ගීන් තේ නිෂ්පාදන අලෙවි කිරීම සහ එම සංචාරකයන් උපයෝගී කොට ගෙන ලෝකය පුරා ලංකාවේ තේ ප්‍රසිද්ධ කිරීම මෙම ප්‍රදර්ශනාගාරය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය බව එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අනුර ද සිල්වා මහතා කීය.
මේ තේ අලෙවි ප්‍රදර්ශනාගාරය සඳහා පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රදර්ශනය සඳහා තබා ඇති තේ සාම්පල් ඒ අවස්ථාවේදීම පානය කොට තමන් කැමැති තේ අවශ්‍ය තොග මිලදී ගැනීමේ පහසුකම් සපයා ඇති බවද අනුර ද සිල්වා මහතා කීවේය.
එමෙන්ම මේ තේ අලෙවි ප්‍රදර්ශනාගාරයට එක් වතාවක් පැමිණෙන විදෙස් සංචාරකයකුට යළිත් වතාවක් ඔහු පමණක් නොව තවත් අය සමග පැමිණීමට උනන්දුවක් ඇතිවන අයුරින් ඉතාම චිත්තාකර්ශනීය ලෙස මේ මධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇති බවද සිල්වා මහතා වැඩි දුරටත් කීවේය.
අපේ රටට තේ වලින් ඩොලර් වැඩි වැඩියෙන් අද්දවා ගැනීමට නම් එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය ඇල්පිටිය වතුරවිලදී විදෙස් සංචාරකයන් සදහා ආරම්භ කෙරුණු තේ නිෂ්පාදන අලෙවි කිරීමේ ප්‍රදර්ශනාගාර ලංකාව පුරාම විවෘත කිරීම කාලෝචිත ක්‍රියාවක් බවත් විශේෂයෙන්ම විදෙස් සංචාරක පාරාදීස පාදක කොට ගෙන එම මධ්‍යස්ථාන ආරම්භ කිරීම ඉතා යෝග්‍ය බවත් විශ්‍රාමික තේ නිලධාරී අශෝක හේවාවසම් මහතා කීය.
එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය ඇල්පිටිය වතුරවිලදී ස්ථාපිත කරන ලද එවර්ගීන් තේ නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනාගාරය විවෘත කෙරුණු අවස්ථාව ඡායාරූපවල දැක්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදෙස් සංචාරයන්ට එවර්ග්‍රීන් තේ ප්‍රදර්ශනාගාරයක් ඇල්පිටිය වතුරවිලදී