IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදේශ සංචිතය වාර්තා කර ඇත්තේ තිබෙනවාට ඩොලර් බිලියන 1.4කට වැඩි අගයකින්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතවල ප්‍රමාණය වාර්තා කර ඇත්තේ සත්‍ය වශයෙන් තිබෙනවාට වඩා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4කට වැඩි අගයකින් බව වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ(15) ප්‍රකාශ කළේය.
චීන මහජන බැංකු‌වෙන් ලැබුණු යුවාන් බිලියන 10ක මුදල් හුවමාරුවක් (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4ක්) සංචිතවලට එකතු කර වාර්තා කිරීම නිසා මෙම තත්වය මතුව ඇති බවත් මෙම මුදල් හුවමාරුව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සංචිත වත්කමක් ලෙස සැලකීමට නොහැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ගෙවුම් ශේෂ අත්පොතේ 6 වැනි සංස්කරණයෙන් සංචිත වත්කම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ ප්‍රමිතිය හදුන්වා දී තිබෙන බවත් ඊට අනුව සංචිත වත්කමක් ද්‍රවශීල නොහොත් වඩාත්ම කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබාගත හැකිවිය යුතු බව එහි සඳහන් වන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
මෙම ප්‍රමිතිය තෘප්ත කිරීමට චීන මහජන බැංකුවෙන් ලැබුණු මුදල් හුවමාරුව අසමත් බවත් එය ලබා ගැනීමට කොන්දේසි පනවා තිබීම ඊට හේතුව බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. කෙසේ නමුත් එම කොන්දේසි ඉදිරියේ ඉවත්විය හැකි බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. මෙවැනි පසුබිමක සංචිත නොවන වත්කමක් එකතු කර දැක්වීමෙන් ශ්‍රී ලංකාවේ නිල සංචිතවල ප්‍රමාණය සත්‍ය අගයට වඩා වැඩිකර පෙන්වීමක් සිදුව ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය.



අදහස් (0)

විදේශ සංචිතය වාර්තා කර ඇත්තේ තිබෙනවාට ඩොලර් බිලියන 1.4කට වැඩි අගයකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site