IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදේශ ආයෝජකයන්ගේ විකිණීම් ප්‍රවණතාවක්

කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී වර්ධනයක් දක්වන නමුත් දේශීය ධනය හැර පිටතින් එන දායකත්වය අඩු වෙමින් තිබේ. විදේශ මිල දී ගැනීම් බහුල විය යුතු අතර වාසිය එයින් නිර්මාණය වේ. දැනට සිදුවන පසුබිම අනුව මෙරට වාණිජ බැංකු පොලී අනුපාත අඩුවීම හා වෙනත් අංශවල ආයෝජන සඳහා ඇති බාධා සලකා මෙරට ගනුදෙනුකරුවන් වෙළෙදපොළ මිල දී ගැනීම් කරන බව පෙනේ. අද දිනයෙන් ආරම්භ වන ගනුදෙනු මාසය තුළ කොටස් වෙළෙදපොළ සක්‍රීයවීම මිශ්‍ර ස්වභාවයක් ගන්නට ඉඩ තිබේ. ඉකුත් සති කිහිපය තුළ තිබුණ පිබිදීම හා සමාගම්වල ලාංභාශ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹිය හැකි නිහඬ කාලය එයට පසුබිම් වනු ඇත.

ඉකුත් සිකුරාදා (මැයි 30) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,854.86 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 39.20 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,963.27 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 18.30 ක ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 36,989 ක් වාර්තා වූ අතර සමාගම් 128 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 107 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 5,169.09 ක් විය. කොටස් මිලියන 173.8 ක් හුවමාරු වූ බව දැක්වේ. සී.අයි.සී. ඡන්ද සහිත කොටසකට රු.2.50 ක්සහ ඡන්ද රහිත කොටසකට රු. 2.50 ද ක ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටසකට රු. 10.00 ක්, සී. ඩබ්. මැකී කොටසකට රු. 8.00ක්, ලංකා සෙරමික් කොටසකට රු. 8.90 ක්, ප්‍රයිම් ලෑන්ඩ් කොටසකට ශත හැටක් වශයෙන් ප්‍රතිලාභ ප්‍රකාශ කරයි. 

කැපිටල් ඇලයන්ස් හෝල්ඩිං රු. මිලියන 994 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 343 ක්, සියෙරා කේබල් රු. මිලියන 245 ක්, සම්පත් බැංකුව රු. මිලියන 210 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 199 ක්, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 189 ක්, හැටන් නැෂනල් රු. මිලියන 151 ක්, ඕවර්සිස් රියැලටි රු. මිලියන 123 ක්, හේලීස් රු. මිලියන 97 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 97 ක්, එන්.ඩී.බී. රු. මිලියන 93 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 91 ක්, ස්විස්ටෙක් රු. මිලියන 85 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 78 ක්, සහ හේමාස් හෝල්ඩිං රු. මිලියන 76 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථාය.

නිරීක්ෂක



අදහස් (0)

විදේශ ආයෝජකයන්ගේ විකිණීම් ප්‍රවණතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site